IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල අඩු කරන හැටි කොමිසම කියයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුළ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ හොත් ජූලි මස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවත් යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවත් ඒ මහතා කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සතියේ මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුය. 



අදහස් (4)

විදුලි බිල අඩු කරන හැටි කොමිසම කියයි

ජයනාත් Friday, 31 May 2024 06:49 PM

ඔය කළුකඩ මුදලාලි හෙට අනිද්දා කියාවි ඉදිරියට පායනවා... ඒක නිසා අඩු කරන්න බැහැ කියලා...

:       3       15

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 31 May 2024 07:06 PM

මිල වැඩිවන විට විදුලි වේගයෙන්ද? මිල අඩුවන විට ඉබි ගමනින්ද? යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව අපගේ හදපිරි මෙව්වා එක...

:       2       17

nanda Friday, 31 May 2024 09:18 PM

ඡන්දෙන් පස්සේ එන හොද නායකයෝ සහනයක් ලබා දේවි

:       1       2

swene Saturday, 01 June 2024 06:30 AM

ඔය කියන හැටියට, ජුනි 14 වන විට මණ්ඩලය යෝජනා ඉදිරිපත් කලොත්, ක්‍රියාත්මක කිරීමට ජුලි 14 දක්වා කල් යනවා කියන එකනේ. කොමිසමට ඕකට මාසයක් ඕනද? කොමිසමත් මණ්ඩලයත් එක වැල්ලේ පොල් ! කොමිසමට කියක් වියදම් කරනවද? ඒකෙන් මහජනතාවට මොනවාද කරන්නේ ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site