IMG-LOGO

‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී 25% ත් 30% අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය දරණ උත්සාහය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රු 9000 විදුලි බිල රුපියල් 6000 දක්වාත්, රුපියල් 3000 විදුලි බිල රුපියල් 2000 දක්වාත් 33% අඩු කරන බවට, වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, රටේ ජනතාව පීඩාවට පත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා පැවසීය.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

“වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය බලයට පත්වීමට පෙර මෙරට ණය තිරසරකරණ විශ්ලේෂණය  යළි සමාලෝචනය කරන බවට ජනතාවට දුන් පොරොන්දුව අමතක කරමින්, පෙර පැවති රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ ඇති කරගත් එකඟතා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමකට රජය යොමු වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජූලි මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර විදුලි ගාස්තු වැඩි කරමින් කොන්දේසි සම්පූර්ණ කිරීමේ මෙහෙයුමක රජය නිරතව සිටින බව දැන් මනාව පැහැදිලි වේ.

පසුගිය වසරේ ලාභ ඉපැයූ ලංකා විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසයේ සිට පාඩු ලබන බවත්, එය සංඛ්‍යාත්මකව රු බිලියන 271.1 පමණ වන බවත් පවසමින් මේ සැරසෙන්නේ එදා ජනතාවට දුන් පොරොන්දු කුණු කූඩයට දැමීමට බව හොඳින්ම පෙනෙන්නට තිබේ. මීට පෙරද වත්මන් විදුලි බල අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරද්දීත්, විපක්ෂය ලෙස අපත්, විදුලි පාරිභෝගික සංවිධානත් නැඟූ හඬට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිසම ජනවාරි මාසයේදී 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ආකාරයද සිහිපත් කරනු කැමැත්තෙචි“ යැයිද එහි සඳහන් වේ.

 



අදහස් (4)

‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘

පොඩිඑකා Monday, 12 May 2025 06:52 AM

මැයි රැලියෙදි අපි දැක්කනේ පෙලගස්සන අපූරුව...!

:       0       0

දලුවගෙදර Monday, 12 May 2025 07:53 AM

ණය ගෙවන්න ක්‍රමයක් යෝජනා කරන්න, විදුලිය විතරක්ද ප්‍රශ්නය?

:       0       0

Kamal Koyrala Monday, 12 May 2025 12:17 PM

අන්නුගේ කතා වලට තමන් පොර වෙන්න යන්න එපා. නගර සභාව බලා ගන්න, පාරිභෝගික අධිකාරිය, පාඨලී, ගුණරත්න මෙයාලා ගැන කටයුතු කරන්න කියලා ඔයාට කලින් කීවානේ .නේ නේ

:       0       0

ගමේ එකාලා Monday, 12 May 2025 03:31 PM

පක්ෂයවත් හරියට කරගන්න බැරුව කයිවාරුව නම් තියෙනවා. ළාමක ටින් ටින් පහුගිය කාලවල පුරාවටම කියපු කරපුවා අපි නොදන්නවා නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 485 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site