
(යොහාන් භාසුර)
රජයේ සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලි ගාස්තුව හෙට (1) සිට සියයට 14.2කින් අඩුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පැවසීය.
ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0ත් 30ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කරමින් මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට 150 දක්වා අඩු කළ බවත් එම කොමිසම සඳහන් කරයි.
ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 51.5 කින් අඩු කරමින් ඒකක මිල රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු කළ බව කී එම කොමිසම ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24.5 කින් ද අඩු කළ බව ද සඳහන් කරයි.
ඒකක 91ත් 120ත් කාණ්ඩයේ ගාස්තුව ඒකක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කළ බව ද කීය.
ආගමික ස්ථානවල ගාස්තුව සියයට 16 ක ගාස්තුව අඩු කළ බව කී එම කොමිසම අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට විදුලි ඒකකයක් රුපියල් 10 බැගින් ලැබෙන බව ද සඳහන් කළේය.
හෝටල් අංශය සඳහා සියයට 26.3 ක, කර්මාන්ත අංශය සඳහා සියයට 9 ක, වාණිජ ගොඩනැගිලිවල සඳහා සියයට 5 ක සහ රජයේ ගොඩනැගි සඳහා සියයට 1 ක ගාස්තු අඩුවීමක් කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය එම්. ඒ. ආර්. එම්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්විය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි ගාස්තුව සියයට 14කින් අඩු කරයි
dhamneth Friday, 30 June 2023 09:54 PM
ඒකක 120ට වඩා පරිභෝජනය කරන ඇත්තන්ට ලැබෙන සහනයත් ප්‍රකාශ කරන්න.
මැක්ස් Friday, 30 June 2023 11:53 PM
දුකම මාකට් කර රට අල්ලන්න උත්සාහ කරන ජවිපෙ බලකායට සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂ නඩයට යන එන මං නැති කරන ඇමති ඇතුලු රජයට අපගේ විරෝධය!
DineshSaturday, 01 July 2023 04:25 PM
300% කින් වැඩිකරලා, 14% කින් අඩු කළානේ... තවමත් කඩේ යන කාලකණ්ණින්ට හෙණ හතමයි ඉල්ලන්නේ...