
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.
එම යෝජනාව සම්බන්ධ මහජන උපදේශනය මේ මස 17 වැනිදා ආරම්භ කරන බවත් ලිඛිත අදහස් බාරගැනීම ජනවාරි මසස 8 වැනිදා දක්වාත්, වාචික අදහස් සැසි 9 ක් පැවැත්වීමටත් තීරණය කළ බව ද එම කොමිසම කීය.
මහජනතාවගේ ලිඛිත අදහස් ජනවාරි මස 8 වැනිදාට පෙර විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහළ, ලංකා බැංකු වෙළෙද කුළුණ, කොළඹ 3 යන ලිපිනයට හෝ [email protected] යන ඊමේල් ලිපියට හෝ www.facebook.com/pucsl යන ෆේස්බුක් පිටුවට හෝ යොමු කළ හැකි බව එම කොමිසම කීය.
එසේ නැත්නම් 0764271030 දුකරථනයට වට්ස්ඇප් ඔස්සේ ද අදහස් යොමු කළ හැකි බව එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම ඔය කොමිසමේ ලොක්කට බලාගාරයක් තියෙනවා. ඇයි යකෝ මාර කෙලියක්නෙ. ජනතාවගෙන් මොනව අහන්නද . ජනතාව බිල අඩු කරන්න එපා කියනවද. පොඩි කාලයක් නෙමෙයි අරන් තියෙන්නෙ. මණ්ඩලෙන් යෝජනාව දුන්නෙ 6 වෙනිදා. අවසන් තීරණේ ගන්න දවස් 41ක යනවා. ගරු ජනාධිපතිතුමනි. කරුණාකර ඔබතුමාගේ දැඩි අවධානය මෙම කොමිසමේ සහ මණ්ඩලයේ නිළදාරින් කෙරෙහි යොමු කරන්න. මෙම ගැටය මොවුන් දෙගොල්ලොම එකට ගහන එකක්.