
(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20 ක විදුලි ගාස්තු අඩුවීම ක්‍රියාත්මක කරන බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (18) පස්වරුවේ නිල වශයෙන් පැවසීය.
විදුලි ගාස්තු නියාමනය කිරීම සඳහා රජය පත්කර ඇති මහජන උපයෝගීතා කොමිසම ඊයේ (17) නිර්දේශ කළ පරිදි සාමාන්‍ය පාරිභෝගිකයන්ට, හෝටල් අංශයට සහ කර්මාන්ත ඇතුළු සියලුම අංශවලට සහනයක් ලැබෙන පරිදි ක්‍රියාත්මක කරන බවත් එම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස අපහසුතාවන්වලට පත්වුවද එම සියයට 20 ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි කුමාර, ඔයා හඑැදුවේ CEB එකේ ප්‍රොෆිට් එකෙන් තනියෙන් විනෝද වෙන්නනේ. NPP එකේ කෙනෙක්ද කියලා කියන්නත් බැහැ. මම නම් කියන්නේ ඔයා සහ සභාපති අස්වෙලා තවත් පව් දෙන්නේ නැතිව ගෙදර යනවා. අපි අමාරුවෙන් හදපු NPP ආණ්ඩුව වට්ටන්නේ නැතිව...
බැසිල් මහත්තයාගේ, රනිල් මහත්තයාගේ ලයිට් මොලෙන්ද අඩුවට විදුලිය ගන්නේ ගේම් අවශ්‍ය නැහැ. ආර්ථිකය ගොඩගැනීම ජනතා අපේක්ෂාවයි.
ඔය ටයි, කෝට් ගහගෙන ඉන්න පුළුවන්ද ඉංජිනේරු මහත්තයා වෙච්චි නස්පැත්තියට...?
දවසින් දෙකෙන් විදුලි බිල අඩු කරන්න බෑ කියලා අපි කිව්වේ නෑ හොඳේ...!
ඕක මුලින් කිව්වා නම් හරිනේ. මණ්ඩලයේ හොර වෘත්තිය.. සමිති සහ නිලධාරීන්ට යටවෙලා ලකුණු කපාගත්තේ නැතිනම් නේද හොඳ..?
කවදාද?