(අජන්ත කුමාර අගලකඩ)
විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ .
විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත .
විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ,ඊයේ පැවති සාකච්ඡාවේදී එය කතාබහට ලක්වී ඇත .
ඒ අනුව ,අදාළ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දවසින් දවස හැමදේම වැඩි කරනකොට අපි මොනවා කරලද ගෙවන්න ඕනෑ..? අපිටත් සල්ලි අච්චු ගහන මැෂිම ගානේ දෙන්න පුළුවන්ද? ඔයාලා පුටුවල ඉඳගෙන දවසින් දවස වැඩි කරනකොට අපි කොහොමද ඕවා ගෙවන්නේ...? දැන් ඔය ගොල්ලන් මේක කළා ඇති. ජනතාව ඉදිරියට ඇවිත් කියන්න අපි ඉල්ලා අස්වෙලා යන්නම් කියලා... තවත් අපිව මරන්න එපා, මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ පෝලිමේ සෞභාග්‍යය කියලා..
ගාස්තු වැඩිකරලා හරි පැය 24 ම විදුලිය දෙන්න සැලස්වීම ඉතා වැදගත්. රටේ සියලු දෛනික කටයුතු අඩාල වෙලා. නිෂ්පාදන වෙන්නේ නෑ. තවතවත් ආර්ථික අහේනියකට රට ඇදගෙන යනවා මේ විදුලි අර්බුදය...