
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තව දුරටත් දත්ත විශ්ලේෂණ කළ යුතු බවත් ඒ සඳහා තව දුරටත් කල් අවශ්‍ය බවත් එම නිලධාරියා කීය.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් මීට මාසයකට පමණ පෙර විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ අතර එහි විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන්නේ යැයි පවසමින් කොමිසම තවත් සති දෙක කාලයක් දුන්නේය.
මහජන උපයෝගිතා කොමිසම මණ්ඩලයට දුන් සති දෙකක අතිරේක කලය පසුගිය 8 වැනිදා අවසන් වූ අතර ඉන් පසුව විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා මෙහිදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති 2 කල් ගත්තම හරි යන්නේ නැහැනේ..., කරන මගුලක් 14 වෙනිදාට කලින් කරන්න බැරි මොකද? ජලාශ පිරෙන්න වහිනවා. මේක දැන් කරන්න බැරි මොකද? ඉංජිනේරුවෝ ගන්නන් හදන්න දන්නේ නැද්ද? ඔවුන්ගේ මොලේ පෑදෙන්නේ සති 2 කින්ද? මේ ඔක්කොම රාජපක්ෂ කලේ ඉඳන් පැවතෙන හොරු, කැමැතිම හොරකන් කරන්න කොමිස් ගහන්න...
ජල බිල වැඩි කරා විදුලි ගාස්තු වැඩි කරා කියලා..ඒ්ත් විදුලිබිල අඩු වුණා..ජල බිල එහෙම්මමයි..නිකන් ලැබෙන වතුර ටිකෙමුත් මුන් ගන්න තරමක්..හරියට ජල සම්පාදන මණ්ඩලය වතුරු නිෂ්පාදනය කරනවා වගේ ගාස්තු අය කරන්නේ..වහා ජල බිල ද අඩුවිය යුතුයි