(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආහාර පිසීම සඳහා යොදාගත් විදුලි උදුනකින් විදුලිය කාන්දු වීමෙන් එය ඇල්ලූ මාස නවයක සිඟිත්තකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ තරුෂ හිමාල් වීරසිංහ නමැති සිඟත්තෙකි.
මියගිය සිඟිත්තා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි උඳණට අත තබා හිට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම විදුලි උඳුණ ඉතා අඩුපාඩු සහිත එකක් බව ද පොලිසිය සඳහන් කරයි. උඳුන ප්‍රධාන විදුලි ධාරාවට සවි කිරීමේ දී කිසිදු ආරක්ෂක ක්‍රමයක් අනුගමන කර නැතැයි ද එහි ප්ලග් ටොප් එකක්වත් නැති ව වයර් දෙකේ ප්‍රධාන විදුලි ධාරාවට සවි කර ආහාර පිස ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය කියයි.
විදුලි සැර වැඳණු දරුවා බේරා ගැනීමට ගිය මවට ද විදුලි සැර වැදී ඇති අතර දරුවා සහ ඇගේ මව බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවු දරුවා මාතර මහ රෝහල වෙත මාරු කර එවීමෙන් පසු මරුමුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳහන් කිරීමට දහසක් කරුණු කාරණා හිතට ආවත් ඒවා සඳහන් කිරීමෙන් කිසිඳු ඵලක් නොමැත. මීට පෙරද මෙවැනිම දූ පුතුන්ගේ අනතුරු සිදුවී තියෙනවා.. ඒ නිසා නිහඬ වීම සුදුසුය. මක්නිසාදයත් මේ දෙමාපියන් සියල්ලන්ම නොදරුවන් නොවන බැවිනි. රත්තරන් දූ සිඟිත්තාට නිවන්සුව අත්වේවා...!!!
රුපියල් දෙතුන් දාහක ට්‍රිප් ස්විචයක් තිබ්බානම් වළක්වන්නට පුළුවන් මරණයක් විය හැකිය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරනවා මෙන් නිවෙස්වල ඇති ක්‍රියාත්මක නොවන ට්‍රිප් ස්විචයන් සඳහා දඩයක් ගසා හෝ මේ පිළිබඳව සොයා බැලිය යුතුය. විදුලි සම්බන්ධයක් ලබා දෙන අවස්ථාවෙන් පසු පරිපථවල තත්වය පිළිබඳ අප රටෙහි සොයා බැලීමක් සිදුවේද? එසේ වූයේ නම් මෙවැනි මරණ බොහොමයක් වළක්වා ගත හැකියි.
මෙය අනිවාර්යෙන්ම ගෑස් නොමැති නිසා පරන විදුලි උඳුනක් භාවිතාකිරීමට ගොස් සිදු වූ අනතුරකි. රජය වගකීම ගතයුතු මරණයකි.