(යොහාන් භාසුර)
විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ‘ඊ බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
ලංකා විදුලිබල මණ්ඩලයේ http://ebill.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලියාපදිංචි විය හැකි බවත් එසේ නොමැති නම් 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
පාරිභෝගිකයා සිය දුරකථන අංකයෙන් REG හිස්තැනක් විදුලි ගිණුම් අංකය හිස්තැනක් ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යොමුකළ යුතුය.
දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ‘ඊ බිල්පත්’ මේ වන විටත් නිකුත් කරන අතර එම සේවාව ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක CEB ඇෆ් එක හරහා කරන්න බැරිද
එහෙම කලාම මීටර් රීඩර් කෙනෙක් ගෙවල්වල එන්නෙ නැද්ද අපිම මීටරය බලා බිල් සකසා ගතයුතුද පැහැදිලි කලොත් ඉතාමත් හොදයි මීටර් රීඩර් කෙනෙක් එන්නෙ නැත්නම් ලොකු මුදලක් මණ්ඩලයේ ඉතිරි වෙනවා
මේකෙන් වෙන්නේ මණ්ඩලයේ ලාභ ඉහල යන එක. එකේ කොටසක් හරි අපිට ලැබෙනවද. ඒගොල්ල තව ලක්ෂ ගණනින් දීමනා වැඩිකරගනීවී. එක ලිඝ්ට් කණුවක් හිටවන්න 9 දෙනෙක් එක්ක ලොරියක් එනවා ඉරිදා දිනවලට. පාර අයිනේ අතුකපල ඉවර කරන්නේ හවස 3 ට විතර. හවස 5, 6 වෙනකම් ලොරියට වෙලා බොනවා. අපිට එතකන් ලිඝ්ට් නෑ . ඒ කළමනාකරණය වෙනස් කරගත්තා නම් හොදයි.