(යොහාන් භාසුර)
Kවෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂඥ වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු, දන්ත ශල්‍ය වෛද්‍යවරු සහ රජයේ ලියාපදිංචි වෛද්‍යවරු යන තනතුරුවල කටයුතු කරන වෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර ඇති අතර දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන මෙම දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම එම ගැසට් නිවේදයෙන් අනිවාර්ය කර තිබේ. වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේදී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යායුතුය. අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරු වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත. ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට එම වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට එක නීතියකුත් රජයේ අනික් අයට එක නීතියකුත් ඇයි? ඉතාම අසාධාරණයි.
බටහිර වෙදකමට විශේෂයක් ඇයි දේශීය වෙදකමේ වටිනාකමක් ඇත්තෙම නැද්ද තවත් වෙදවරු ඉන්නවා ඒ අය ගැනත් කිසිම වගේ වගක් නැහැ .ලේකම් මහත්තයෝ ප්‍රශ්න ඇතිවෙන වෙලාවට චක්‍රලේඛ ගැහුවට කවුරුවත්ම බලන්නෙ නැහැ එනිසා පත්වීම් ලිපියේ විශ්‍රාම ගතයුතු දිනය දක්වන්න පත්වීම් බාර ගන්නාවිට ලිපියේ කොන්දේසි වලට කැමැත්ත සහිතව පත්වීම බාර ගත්බවට අත්සන් ගන්න (දීඝායු පුත ළග බලන්න එපා දුර බලන්න කියලා ජාතක කතාවක තියෙනවා එම කතා අපිට කියන්න කතාවෙ රස විදින්නම නොවෙයි ඒ අනුව වැඩ කරන්න කියලා )
60 පැනලා ඇස් දුර්වල උනහම වෛද්‍ය රස්සාව කරන එක පුලුවන් වැඩක්ද?
පෙන්ශන් ගියහම චැනලින් වලට කෙල වෙනවනෙ
මම දන්න විදියට ලන්කාවෙ වෛද්‍යවරුන් මොන රටට ගියත් වෙනම විභාග වලට ඉදිරිපත් වෙන්න ඕන අතින් වියදම් කරගෙන, ඒව ඉවර වෙනකම් රැකියාව කරන්න බැහැ. මෙවා කරන්න කාලයත් යනවා සැහෙන. සමහර රට වලින් එහෙම වත් ගන්නෙ නැහැ (උදා: සින්ගපූරුව). ඉන්ජිනේරු, IT අයට වගෙ කෙලින්ම රැකියාවට යන්න බැහැ. මම දශක 3ක් පිටරට ජීවත් වුනු කෙනෙක් නිසා කියන්නෙ