
(ශාන්ත චන්ද්‍රසිරි)
පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනකු හා ගුරුවරුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.
උසස්පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් එම විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක නිරතව සිටියදී එහි තිබු රසායණික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
රසායණික ද්‍රව්‍ය අඩංගු බෝතලය පුපුරායාමෙන් පසුව ඇති වු දුමාරය ආග්‍රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක්ව සිටි මෙම සිසුන් පිරිස හා ගුරුවරුන් ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහලට ඇතුලත් කොට විදුහලේ අනෙකුත් සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු කටයුතු කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරමානු බොම්බයක් හදන්න ගිහින් එක ජෝන්බාස්ට ගියා කියල තමයි ආරන්චිය .. කමක් නැහැ . ඉක්මනින් සනීප වෙන්න .