
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු ලිප්ටන් වටරවුම ඉදිරිපිට අද සවස නිහඬ විරෝධතාවක නිරත වූහ.
අසත්‍ය චෝදනා නගා සිදුකරන ශිෂ්‍ය මර්දනය වහා නැවැත්වීම ,වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙසත් ,රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉවත් කරන්න ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.
එහිදී ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුණු අතර වෛද්‍ය පීඨ සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි සිටි අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණු සරසවි උපකුලපතිවරයා සරසවිය හා සරසවි සිසු සිසුවියන් ආරක්ෂා කිරීමට නොබියව ඉදිරිපත් වූ මහාචාර්ය වරයෙකි. රට වනසන අන්තරයේ පදයට නටන්නැති කොන්ද පණ ඇති මහාචාර්යවරයා ආරක්ෂා කර ගැනීම රට වැසියන්ගේ වගකීමකි.
අපි දන්නෙ රුහුණු උප කුලපති නිවැරදි අයෙක් කියල . ඒ වගේම ලංකාවේ වෛද්‍ය පීඨ වල සිසුන් ඉතා විනයගරුක සිසුන් පිරිසක් . අනවශ්‍ය උද්ඝෝෂණ වලට සම්බන්ධ නැහැ . ඒ තත්ත්වය වනසන්න දරන උත්සාහයක් මේ. මේ සිසුන් ඒකට අහුවෙන්න එපා. එහෙම උනොත් ඔබගේ අනාගතය අනෙකුත් , විශේෂයෙන් කලා පීඨ වල අයට වගේම විනාශ වෙනව ස්ථිරවම . පිටරටින් වෛද්‍යවරුන් ගෙන්වා ගන්න වුනොත් ඔබට ඒකෙ වැරදි පැටවෙනව.
උප කුලපති ඉවත් කරන්නැයි ඉල්ලා සිටින්නේ මොකද? ඔහු විශ්ව විද්‍යාලයේ විනය නීති තදින් ක්‍රියාත්මක කරන නිසාද?
වෛද්‍ය අධ්‍යාපනයට මුදල් අයකරනවා නම් ඕගොල්ලෝ ලිප්ටන් වටරවුමට තියා එකිනෙකා හඳුනා ගන්නවත් උත්සාහ කරන්නේ නැහැ නේද? එකයි අපි කියන්නේ රටට බරක් වෙන පිං උසස් අධ්‍යාපන ක්‍රමය නැතිකරන්න කියලා. එතකොට ඉල්ලීම් නැහැ. ඉක්මනට ඉගෙන ගෙන එළිබහින්න හිතා ගනීවි. අශ්වයා ඉන්කන් හම්බවෙන කොට තමයි දත් ගණන් කරන්නේ.
ඉන්නකන් හම්බවෙන කොට තමයි දත් ගණන් කරන්නේ... සර් නිකුලස් ආටිගල මහත්තයගේ කාලේ නම් ඔහෙලා ලිප්ටන් වටරවුමට එනවා තියා වෛද්‍ය විද්‍යාලයක් දකින්නේවත් නැහැ..!