IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතීන් විශිෂ්ට අයුරින් පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරුන් ලබා දෙන දායකත්වය නිරන්තරයෙන් අගයකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය සේවාවන්හි ප්‍රමිතීන් උසස් තලයකට ගෙන ඒම සදහා වෛද්‍ය සංගම්වල ධනාත්මක අදහස් සහ යෝජනා අතිශය වැදගත්වන බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මණ්ඩල නියෝජිතයින් පිරිසක් සමග  පැවති සාකච්ජාවකදීය. එම සාකච්ජාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ජාව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබූ අතර එහි දී සංගමයේ නියෝජිතයන් සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුනට බලපාන වෘත්තීය ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය. 

එමෙන් ම තම සේවා කටයුතු සිදු කිරීමේ දී රජයේ රෝහල් පද්ධතියේ මෙන්ම සෞඛ්‍ය ආයතන වල  අභියෝගයක්ව පවතින මානව හා භෞතික සම්පත් ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.



අදහස් (3)

වෛද්‍ය සංගමය සුව ඇමති හමුවෙයි

de silva Wednesday, 12 November 2025 04:52 PM

අපිට දැන් හොර OT දමන්න ක්‍රමයක් නැහැ , බැරිද එකට මොකක් හරි කරලා දෙන්න , මගේ චැනල් කඩේට දැන් බදු ගහනව බැරිද එකට මොකවත් කරලා දෙන්න , වාහන පර්මිට් එක නැද්ද ?

:       0       0

Nilantha Wednesday, 12 November 2025 05:35 PM

1977 වනතුරුම දොස්තරලා හොර රහසේ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදුනා එම වසරේ දොස්තර කෙනෙක් සුව ඇමැතිවෙලා දොස්තරලාට සේවා කාලයෙන් පස්සේ පුද්ගලික සේවයේ යෙදීමට අනුමැතිය දුන්නා රජයේ නිළධාරින්ට වැටුප් ගෙවන්නේ පැය 24 ම වෙනුවෙන් නිසා අමතරව උපයන මුදලින් යම් ප්‍රමාණයක් රජයට ගෙවීම් කරන්න ඕනෑ ඒත් එහෙම වෙනවාද නම් දන්නේ නැහැ පුවත්පත් වාර්තා අනුව සමහර දොස්තර මහත්වරු අව්ව වැස්ස රාත්‍රිය නොසලකා දුක් විදිමින් ජනතාවට සේවය කරනවා කියලා අහන්න ලැබෙනවා ඉතින් සෑම අයවැයකදීම ඇතිවෙන වෛද්‍ය ගැටලු සදාකාලිකව තුරන්වෙනවා නම් ලොකු දෙයක්...

:       0       0

ART Wednesday, 12 November 2025 08:59 PM

පර්මිට් ඉල්ලුවේ නැද්ද?... පර්මිට් එක විකුණගන්න නැති එකතමයි ලොකුම ගැටලුව වෙලා ඇත්තෙ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site