IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ

(යොහාන් භාසුර)

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව විරෝධ දක්වමින් කොළඹ, ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් අද (26) පස්වරු පැවැත්වීය.

‘කොතළාවල වෙද උපාධි කළුකඩ ජාවාරම නවතමු, රාජ්‍ය විශ්වවිද්‍යාල ගැටලු වාහා විසදනු සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වාහා හකුලාගනු’ ආදි පාඨ සටහන් කළ විරෝධතා පුවරු අතැතිව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එහිදී විරෝධය දැක්වූහ.

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දක්වා බලධාරීන් වෙත දැඩි විරෝධය දැක්වීම ද එහිද කැපී පෙනුණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 



අදහස් (19)

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ

koka Friday, 26 April 2024 08:52 PM

මේ අපේ රුවිනයා නේද ෆොටෝ එකේ ඉන්නේ? මෙයා කවද්ද යකෝ වෛද්‍ය ශිෂ්‍යයෙක් වුනේ...?

:       2       35

Prabha Friday, 26 April 2024 09:41 PM

ඔතැනින් එළියට එනකල් විතරයි මානව හිතවාදී... ඊට පස්සේ මස් රාත්තලම...

:       8       56

malshiSaturday, 27 April 2024 06:20 PM

සහගහන ඇත්ත...!

:       2       5

Lal Friday, 26 April 2024 11:47 PM

මේ අය ගොන් පාට්දානවා..

:       2       16

සනත් බණ්ඩාර Friday, 26 April 2024 11:51 PM

තමන්ගේ බඩගෝස්තරේ ගැන විතරක් හිතන කුහක කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ ලංකාවේ විතරද?

:       3       16

gamaya Saturday, 27 April 2024 05:01 AM

කුහකකම ඇරෙන්න වෙන මොකක්ද ඔතැන තියෙන්නේ? අතේ තියෙන බෝඩ් දක්කම් පෙනෙනවා කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. මොවුන්ගෙන් සමහරුන්ට ගෙදර ළිඳෙන් නාන්න පුළුවන්... නමුත් මෙහෙ ආපුගමන් බාත්රූම් නැතිව නාන්න බැහැ. මේක ඇමරිකාව නෙවෙයි ලංකාව. එ නිසා තියෙන දේවලින් වැඩේ ගොඩ දාගනිල්ලා...

:       2       18

Mahe Saturday, 27 April 2024 08:00 AM

කුහක ජවිපාවුන් ඇතුලු අපතයෝ පුද්ගලික වෛද්‍ය පීඨ රටට අවශ්‍යමයි.

:       4       20

Kantha Saturday, 27 April 2024 09:16 AM

රටට, මිනිසුන්ට ඔච්චර ආදරේ නම් වෛද්‍යවරුන් උනාම පැය 8 සේවය හරියට කරපල්ලා, චැනල් ගාස්තු 50%ක්‌ අඩුකරපල්ලා, පිනට ඉගෙනගෙන පිටරට යෑම් නවත්තපල්ලා. උඹලා ශය්ලොක් ලා අතර කිසිම වෙනසක් නෑ. නියම දොස්තර මහත්මා, මහත්මියන් ලා රටේ ඉන්නේ 10%කටත් අඩුයි.

:       2       16

Lalla Saturday, 27 April 2024 09:23 AM

මහජන බදු මුදලින් නොමිලේ ඉගෙන ගන්න අය රටහැර සුරසැප හොයාගෙන යනව නම් විකල්ප මාර්ග සෙවීම රජයක යුතුකම. පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න අයහරි ලංකාවට සේවය කරනව නම් මොකද වෙන්නේ. අනික රාජ්‍ය විශ්වවිද්‍යායවල ඉන්නේ උසස්පෙළ විභාගයට රටේ ඉහලම සුදුසුකම් ගත්ත අය පමණක්ම නොව දිස්ත්‍රික් පදනම මත ගත්ත අය එකතුව. ඔය අන්දමට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට විරෝධය පල කිරීම තම තැන රැක ගැනීමට කරන පහත් උත්සාහයක් පමණයි...

:       2       11

රොමා Saturday, 27 April 2024 11:47 AM

පාසල් අධ්‍යාපනයේ සිට ගණන් කළහොත් වසර 20 පමණ කාලයක් පොදු ජනතාවගේ බදු මුදලින් දොස්තර කම ගන්න මුන්දලා වැඩි ප්‍රමාණයක් අවසානයේ නවතින්නේ දියුණු රටක. තම දෙමව්පිය උරුමයෙන් ලැබුණ දේපළ පවා විකුණලා ඩොලර් කරලා රටින් ගියාම මේ පැත්ත හැරිලා නිදා ගන්නේ වත් නැහැ. ශ්‍රී ලංකාවේ ඇත ගම්වල රෝහල් වල වැඩි ප්‍රමාණය බෙහෙත් දෙන්නේ තමුන්ගේ වියදමින් පිටරට ගොස් ඉගෙන ගත්ත දොස්තරලා. ලංකාවේ වෙද විදුහල් වලට ගන්නකොට ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ වසර 20ක් රටට සේවය කරන්න. රට යනවනම් ණය ගෙවල යන්න. නැත්නම් අවුරුදු විස්සක් පොදු ජනතාවගෙ බදු මුදලින් ඉගෙගෙන පැදුරටත් නොකිය යන එවුන්ව රටට ණය කාරයෝ කියල ගැසට් එකක් මගින් හරි ප්‍රකාශයට පත් කරන්න ඕන. කොතලාවල පිඨයේ අඩුපාඩු තියෙනවනම් පෙන්නලා ඒක නිවැරදි කරන්න එකයි වඩා සුදුසු දේ. මේක ලිව්වේ දොස්තරලා කම ජනතා බදු මුදලින් අරගන ශික්ෂණ රෝහල් වලට එන දුප්පත් මිනිස්සුන්ගේ අවයව අතගාල අධ්‍යාපනය අරගෙන පැදුරටත් නොකිය ගිය සහ යන්න ඉන්න උන්දැලට. එබැවින් හොඳ අය කලබල විය යුතු නැත.

:       2       14

nishantha Saturday, 27 April 2024 04:42 PM

පුද්ගලික වි. විද්‍යාල වලින් එළියට එන අයට පුද්ගලික වෛද්‍ය සේවය සහ පුද්ගලික රෝහල් ටික දීලා නිදහස් අධ්‍යාපනයෙන් එන දොස්තරලාට රජයේ රෝහල් ටික බාර දෙන්න කියලා ඉල්ලන්නකෝ. වැඩේ ඉවරයිනේ. එතකොට ඔය කියන ප්‍රමිතිය තියෙන දොස්තරලාගෙන් මිනිස්සු රජයේ රෝහල්වලින් නොමිලේ බෙහෙත් ගනීවි. ඔය කියන විදියට ප්‍රමිතිය නැති අයගෙන් ගන්න ඕනෑනම් පුද්ගලික රෝහල්වලට යාවි... ඇයි මෙයාලා මෙච්චර කලබල වෙලා...!

:       2       16

Nirmal Saturday, 27 April 2024 04:43 PM

හෙදියන්ගේ හෙද උපාධියට විරුද්ධ වුණු, සම සෞඛ්‍ය වේදීන්ගේ උපාධියට විරුද්ධ වුණු වෛද්‍යවරු කොහොමද පුද්ගලික වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නේ... ලැජ්ජා නැද්ද? අනික වෛද්‍ය ශිෂ්‍යයෝ විශාල ලෙස බොරු කියමින් සමාජය නොමග යවමින් ඉන්නවා.. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල උසස් පෙළ අසමත් සිසුන්ට උපාධිය දෙනවා කියලා. ඇයි දන්නේ නැද්ද? ඇමැති පවිත්‍රා සෞඛ්‍ය ඇමැතිවෙලා ඉද්දී ගැසට් එකක් ගැහුවා උසස් පෙළ 2C 1S අවම ප්‍රතිඵළ තියෙන කෙනෙකුට පමණයි. කොහෙන් වෛද්‍ය උපාධිය ගත්තත් ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පුළුවන් කියලා. ඒක රටේ නීතියක් කියලා දන්නේ නැද්ද? එහෙනම් ඇයි ඔච්චර බොරු කියමින් මඩ ප්‍රචාර යවන්නේ...? වෛද්‍ය ශිෂ්‍යයින්ට සහ අන්තරේට අනුව වෛද්‍ය පීඨයක් තියෙන පුද්ගලික වි.වි, උපාධි කඩ, අනික්වා පුද්ගලික වි වි... මේ බමුණු කුලය සහ අන්තරේ කියන පිලිලය මේ රටෙන් තුරන් කළ යුතුයි. සැමට අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබිය යුතුයි. පුද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වලම රිංගන අය උපාධිය මුදලට දෙනවාට අකැමැති. වෙන කිසිම රටක මෙහෙම කෝලම් නෑ. අනික මෙයාලා ලංකාවේ නිදහස් සෞඛ්‍යය ගැන ඔච්චර වද වෙන්න ඕනෑ නෑනේ...!

:       1       14

gamini Saturday, 27 April 2024 04:44 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැම්මා කියලා රජයේ වෛද්‍ය විද්‍යාල වහන්නේ නැහැ. බලෙන් එක්කන් ඇවිත් ගෙවන්න කියන්නේත් නෑ. සුදුසුකම් තියෙන සල්ලි තියෙන කෙනෙක් ඇවිත් ඉගෙන ගනියි. ඕනෑනම් අරගෙන රට යයි. මෙයාලාට මොකද මෙච්චර අමාරුවක්. ආර්තිකය කඩන් වැටෙන කොටම පැදුරටත් නොකියා රට පැනපු අය දැන් පුදුම අමාරුවක් රට වැසියා ගැන ඇතිවෙලා. මේගොල්ලෝම නේද පහුගිය කාලේ දොස්තරලා යනවා.. හෙට ඉඳන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩන් වැටෙනවා කියකියා දැඟලුවේ...!

:       2       14

kalindu Saturday, 27 April 2024 04:45 PM

දොස්තරලා අත දාපු ඔක්කෝම ඔහොමයි. රටේ වැටුප් ප්‍රතිපත්තිය හදන්න පාදෙණිය ප්‍රමුඛ GMOA එක අත දැම්මා. මුලු රටේම වැටුප් පරිමාණවල ප්‍රශ්න. සුව සැරිය ගේන එකට ඔය වගේම විරුද්ධ වුණා. හැබැයි සුවසැරිය දැන් ලෝකෙම මුලින්ම ඉන්න සේවාවක්. පොහොර ප්‍රතිපත්තියට අත දැම්මා. රටම ඉවරයි. දොස්තරකමින් එහා කිසිම දෙයක් දන්නෙත් නෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ...

:       2       14

ghagya Saturday, 27 April 2024 04:59 PM

සමසෞඛ්‍ය ශිෂ්‍යයින්ගේ වසර 3 ක උපාධිය වසර 4 කරනවාට GMOA එක ඇතුළු වෛද්‍යවරු විරුද්ධ වුණා. ඔවුන්ට රෝහල්වල ක්ලිනිකල් එන්න දුන්නේ නැහැ. රෝහල් ඔක්කෝම අයිතිකරගෙන ඔවුන්ව නිර්ලැජ්ජා සහිතව එළවලා දැම්මා. හෙදියන්ගේ ඩිප්ලොමාව උපාධියක් කරන එකට විරුද්ධ වුණා. එහෙම වෙච්චි කුහක පිරිසකට කටක් ඇරලා නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්න ලැජ්ජා නැද්ද?

:       2       14

Rohana Saturday, 27 April 2024 07:55 PM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපාකියන මොවුන් සැබෑ සමාජවාදි යෝද ? නැත. මොවුන් කරන්නේ රජයේ වි විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරමින් තමන්ට පමණක් වෛද්‍ය උපාධිය ලබාගැනීමේ ආත්මාර්ථකාමී අරමුණ ඉටුකරගැනීමයි.වෛද්‍යවරයෙකු වීමෙන් අනතුරුව ඔයකියන වෛද්‍ය සගයින් කරන්නේද එකිනෙකා නොඉවසන තම ආත්මාර්ථයම ඉටුකරගැනීමයි.

:       0       2

Asanga samantha Sunday, 28 April 2024 10:35 AM

මොවුන්ට ගහලාම පන්නන්න ඕනෑ. පින් බත් කකා ඉගෙනගෙන තව කාලකන්නි වැඩ කරනවා.

:       1       4

Asanga samantha Sunday, 28 April 2024 10:37 AM

මේ සේරම 3% කාලකන්නි....

:       1       4

සෙනෙවිරත්න Sunday, 28 April 2024 05:40 PM

මාර වැඩේ වෛද්‍ය විද්‍යාලයට යන සේරම ජවිපෙද, ජවිපෙට බය තරම මේකෙන් පේනවා. රටේ සෑම විරෝධතාවයක් පස්සේම ජවිපේ ඉන්නවා කියලා හිතන මන්ද බුද්ධිකයෝ ඉන්නවා. ඒ කියන්නේ අසාධාරය කොතැනද? එයට එරෙහිව ජවිපෙ ඉන්නවා කියන එකයි, එයයි විය යුත්තේ...!

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 692 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 127 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1157 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 911 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 119 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 99 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1997 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site