
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)
ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා යැයි පුරසාරම්දෙඩූ ආණ්ඩුව දැන් ගෙවීමේ ක්‍රමයට හාල් දෙන තැනට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේදී ආසන සංවිධායක හමුවකදීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
ඉස්සර රජ දවස අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා.මහින්ද මහත්තයගෙ කාලෙත් වී අතිරික්තයක් තිබුණා.ඒ දවස්වල පොහොර තුන්සිය පනහට දුන්නා.
අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් මේ රට පල්ලෙහාට ගෙනල්ලා. ඉස්සර ගෙවීමේ ක්‍රමයට ගත්තෙ වාහන. ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා කිව්වා. තරුණයාට ජපන් බයික් එකක් ගන්න වැඩපිළිවෙළක් හදලා දෙනවා කිව්වා. හැබැයි දැන් හාල් ගෙවීමේ ක්‍රමයට කිලෝ විස්සක් දෙනවා.මේකද ඔබ බලාපොරොත්තු වුණ වෙනස.
ගමේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටිමු. අද මේ රටේ ජනතාවාදී දේශපාලනයක් අපි දකින්නේ නැහැ. වෛරය , පළිගැනීම සහ එක් කණ්ඩායමක අවශ්‍යතාවයක් ඉටු කරගන්න තමයි මේ රටේ අද දේශපාලනය තියෙන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහින්ද මහත්තයයි එයාගේ මල්ලි ගෝටාභය එහෙම රට බංකොලොත් කරන්න හවුල් උනා කියලා ශ්‍රේෂ්ඨාධි කරන තීන්දුවක් දීල තිබුන.