
(සුජිත් හේවාජුලිගේ )
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙති.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කිරීම විපක්ෂයේ නීතිඥවරැන් වන මන්ත්‍රී පිරිසකට පවරා ඇතැයිද දැනගන්නට ඇත
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කර ඇතැයි චෝදනා කරමින් මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව සහාය නොදීමෙන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය උල්ලංඝනය කර ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා තරති
විපක්ෂය මේ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළත් කතානායකවරයා ඊට අවධානයක් යොමු කර නැති බවත් ස්ථාවර නියෝග අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාරදෙන ලිපි බාර ගැනීමද කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුහු සඳහන් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd