(අංජුල මහික වීරරත්න)
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ඒ අනුව සංශෝධනය කිරීමට නියමිතය.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරෙනු ඇත.
මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි
අලහකෝන් Friday, 20 December 2024 08:48 AM
ලංකාවේ දොස්තරලා විශාල ජනමතයක් ගොඩනගාගෙන යනවා ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ... හිඟා කෑවත් මීට වඩා හොයන්න පුළුවන්... රට ගියා නම් ලක්ෂ 20 ලැබෙනවා වගේ කතා කියලා. ඒ වෙනුවෙන් මාධ්‍ය හමු පවා තිබ්බා. නමුත් මම මෙතැන මතුකරණ කාරණය වන්නේ, විශේෂඥ වෛද්‍යවරු ඇතුලු දොස්තරලා පිරිසක්ම තමයි ඔව්න්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා නඩු දාන්න ගියේ. එසේ නම් විචක්ශණ ශීලීව බැලුවොත් පේනවා මොන කතා කිව්වත් ඔවුන්ට ඔය වැටුප ලංකාවේ වෙනත් වෘත්තීන් සමග බැලුවොත් විශාල වැටුපක්. අවමය ලක්ෂ දෙක හමාරක්. මහ බැංකුවේ හැර පූර්ණ රාජ්‍ය සේවකයින්ට ලැබෙන්නේ 80,000 පමණ උපරිම වැටුපක්. වෙනත් සේවාවල මාණ්ඩලික නිලධාරීන්, රැකියාවට යන එක තමාට පාඩුයි කියලා ඉල්ලා අස්වෙනවා. හෙදියන් දහස් ගානක් රට හැර ගිහින්. මම දැක්කා ඉංජිනේරුවෝ 5000 ට වඩා පිරිසක් පසුගිය අවුරුද්දේ රටින් ගිහින් කියලා. ඇත්තම තත්වය දොස්තරලාට රාජ්‍ය සේවයේ ඉන්න විට, සාපෙක්ෂව ඉහළ වැටුපක්, වාහන පර්මිට්, ළමයි ජනප්‍රිය පාසල් වලට දාන්න, වාහන රක්ෂණ සඳහා විශාල මිල අඩු කිරීම් වැනි අති විශාල වරප්‍රසාද ලැබෙනවා. එක පැත්තකින් පඩිය මදි කියලා මාධ්‍ය හමු තියන ගමන් අනිත් පැත්තෙන් විශ්‍රාම වයස වැඩි කරන්න නඩුදානවා...