(රංජන් කස්තුරි)

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත්  වෘත්තීන්ට ද සමව ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති 20න් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි.

වෛද්‍යවරුන්ට පමණක් එම වරප්‍රසාදය ලබාදුනහොත් ඊට විරෝධය දක්වමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවක් මගින් ලබාදීමට නියමිත පක්ෂග්‍රාහී තීන්දුවක් මත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා අසාධාරණ බව ද එම ලිපියේ සඳහන් කර ඇත.