IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම්ට තර්ජනයක්

(ඩයනා උදයංගනී)

දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව රටට හෙළි කළ වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම වහාම හකුලා නොගහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය අහිමි වනු ඇතැයි වෛද්‍ය සංගම් පවසයි.

වැටුප ගෙන නිවසට වී නොසිට රට හදන්නට යාම නිසා දේශපාලන අධිකාරිය ඔහු වරදකරුවෙක් කර ඇති බවත්, මෙම වැඩ තහනම් කිරීම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරන මර්දනකාරී වැඩපිළිවෙලේම කොටසක් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ වෛද්‍ය සංගම් කිහිපයක් එක්ව ‘වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු‘ මැයෙන් කොළඹ දී ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අජිත් අමරතුංග මහතා මෙහිදී පැවසුවේ වෛද්‍ය චමල් සංජිව මහතා සුරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් සියයට 80 ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව පැවසීම සාවද්‍ය කරුණක් ලෙස දක්වමින් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති බව වැඩ තහනම් ලිපියේ දක්වා ඇතත්, එවැනි පරීක්‍ෂණයක් ගැන වෛද්‍යවරුන්වත් නොදන්නා බවය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ සෞඛ්‍ය ලේකම්වරයා මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගත යුතු බවත්, එසේ නොකළොත් ඉදිරියේදී ඔහුට සහයට සිටින බව පෙන්වන දේශපාලඥයන් මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයද අහිමි වනු ඇති බවත්ය.

එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, 2015 දී නිකුත් කල වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හා 1935 නිකුත්කළ වෘත්තීය සමිති ආඥා පනතද උල්ලංඝනය කර ඇතැයි ඔහු කීවේය.

 



අදහස් (5)

වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම්ට තර්ජනයක්

Sunil Friday, 11 November 2022 03:27 PM

GMOA දැනටමත් ප්‍රමාද වැඩියි.

:       1       11

de silva Friday, 11 November 2022 03:44 PM

මමත් ඔබ සමග එකඟ වෙමි. දරුවන්ට පෝෂ්‍ය ජනක ආහාරවේලක් දෙන්න දැන් අමාරුය. බිත්තරයක් රුපියල් 50කට ගන්නත් නැහැ. අල කිලෝ එක 550ක් පමණ වෙනවා. මේවා පිටරටින් ගෙනත් අඩුවට දෙන්න පුළුවන්. ගොවියෝ ආරක්ෂා කරන්න කියමින් මේවට බදු ගහනවා. ගෙන එන එක තහනම් කරනවා. නමුත් ජාවාරම් කාරයා මේවා හොරෙන් ගෙනාවා. පාරිභෝගික ඇප ගැන කතාකරන්න කවුරුවත් නැහැ...

:       0       12

බද්රානි Friday, 11 November 2022 04:31 PM

ඉස්සර හැමදේටම උඩු බුරපු "ගොමා මාෆියා" කල්ලියේ කෙරුමන් රැල කොහේද දැන්..? මන්දපෝෂණය පිළිබඳව සත්‍යය පැවැසූ ඒ සැබෑ වෛද්‍යවරයාට පමණක් නොවෙයි මේ රටේ සත්‍යවාදී සියල්ලන්වම මරලා වල දමන්න පුළුවන් නම් මොවුන් ඒ ටිකත් කරන්න පසුබට වෙන්නේ නැහැ. බොරුවෙන්, වංචාවෙන්, දූෂණයෙන් පිරුණු හොර තක්කඩිනේ මේ රටේ වීරයින් විදිහට සලකන්නේ... එහෙම ජාතියකට පැවැත්මක් තියෙයිද?

:       4       11

කිරි පුතා Friday, 11 November 2022 05:15 PM

සේරටම කලින් එම වෛද්‍යවරයා NGO එකක අවශ්‍යතාවය අනුව එවැනි දෙයක් කියලා සාක්කුව බර කරගත්තාද බලන්න...!

:       17       6

විපරමා Friday, 11 November 2022 07:19 PM

දොස්තර කිව්වේ සමීක්ෂණ වලින්. තමුන් වගේ වපර ඇහින් බලන, මොලේ උඩ ඉන්න අය ගැන කවර කතාද?

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site