
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ.
මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත පිළිගන්වනු ලැබීය.
කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත.
ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සර්...
විශිෂ්ඨ පත්කිරීමක්...
අගය කළයුතු දේ අගය කල යුතුමයි. නමුත් මීට වඩා වටිනවා විවියාව ගත්තා නම්. එතුමා තමා දැනට රටේම ඉන්න ඉහළම විද්‍යාඥයා. ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මගින් උසස් පෙළ හැදැරූ එතුමා රොකට් තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙක්...
අගයකළ යුතු පත්වීමක්…. අභිනව ආණ්ඩුව යන මග බොහොම නිවැරදියි.
උගත් ෆාමසිස්ට් මහාචාර්ය කෙනෙකු දමලා බෙහෙතක් දීලා ලංකාව ගොඩ ගන්නද යන්නේ...?
ඇමරිකාවේ උසස්ම රැකියාවක් අතහැර අපේ මව්බිමට සේවයක් කිරීමට ඉදිරිපත් වූ ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකරනවා.
රට ගැන කැක්කුමෙන් ගොඩ දාන්න ආපු ඔබතුමාට වැඩේ සාර්ථක කර ගැනීමට හැකිවේවා...!