
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කෙරිණ.
අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එසේ ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නැති හෙයින් එම නාමය පාවිච්චි නොකරන බවයි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලද තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවිය සඳහන් නොවන බව ප්‍රකාශ කළ අබේසේන මහතා කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බව ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කර තිබියදී අමාත්‍යවරයාගේ දැනුම් දීමෙන් එම පදවි නාමය පසුගියදා ඉවත් කෙරිණ.
තමා එවැනි නාමයක් දැනුම්දී නොතිබියදී පාර්ලිමේන්තු වෙබ් අඩවියට ආචාර්ය පදවි නාමයක් ඇතුළත් කිරීමෙන් අපහාසයක් සිදුවූ බව පවසමින් හර්ෂණ නානායක්කාර මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් කරමින් සිටි.
පාර්ලිමේන්තු වෙබ් අඩවිය පාලනය කරන සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා වරින් වර කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතිං! මේ රැවටීමේ ප්‍රතිඵල අද හතර වටින්ම දෝරේ ගලනවා. අගමැතිනියද ඇතුළුව මේ පිරිස කල මේ මහා ජනතා රැවටීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝශාභියෝගයන් ගේන්න බැරිද? සමස්ත රටක් නුසුදුසු අදක්ශයන්ගේ පාලනයට නතුව පීඩා විඳිය යුතුද? මතිවරනයකට ප්‍රථම ප්‍රතිපාදන නැද්ද?
අම්මේ, ඉතින් මේවා කොහොමහරි අපි විශ්වාස කරන්නම් හොඳේ. ලොක්කටත් කජ්ජක් නැහැ, පොඩි උන්ටත් නැහැ. ලොක්කා හිතගෙන කරන ඒව පොඩි උන් දුව දුවා කරනවා
පදවිවලින් වැඩක් නෑ. හිටපු අයවගේ හොරාකන්නේ නැතිව රටට සේවයක් කළොත් ඇති...
දිනෙන් දිනම එන්පිපි කැචර්ලාගේ රෙදි ඉල්ලේ කරන ආණ්ඩුවේ හොර උගතුන්ට අපගේ ආචාරය!
අනේ පවු ජෙප්පෝ...
ඇමැතිතුමා, දැනට වෙළෙඳපලේ තිබෙන ගෑස්වල ප්‍රමිතිය ටිකක් බැලුවා නම් හොඳයි. පාවිච්චි වන දින ගණන සැකයි.
හොර පෙරකදෝරුවා, මයිනා, මොළහතා, රොකට්ටුවා අපරාදේ කියන්න බැහැ. හොඳටම සුදුසුකම් තියෙනවා.. හොරකමට, වන්චා, දූෂණ, මිනිමැරුම්, බොරු...
මේක කොහොමත් විය යුතු සාමාන්‍ය දෙයක්. මාධ්‍ය වලට දීලා ලකුණු දාගන්න හදන්න එපා. පඹයෝ 159 දෙනාගෙන් එකෙක් වෙච්චි ඔයා විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්චි එක නම් ලොකු දෙයක්...
ලැජ්ජාවක් නැති කමෙන්ට් කල්ලිය ආයෙත් ඇවිල්ලා. ඒයාලාට මේවා තමයි දැන් මාතෘකා ..
ජනතා ඡන්දෙකින් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ මංත්‍රී ලෙසටත් ජාතික ලැයිස්තුවෙන් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මංත්‍රී ලෙසටත් පත්කරනවා මිස පාර්ලිමේන්තුවේ නොමැති තනතුරු වන ආචාර්‍ය ,මහචාර්‍ය දොස්තර,ඉංජිනේරු .ගණකාධිකාරී.කපිතාන් .ජෙනරාල් වගේ තනතුරු පාර්ලිමේන්තුවේ සිටිනතාක් නමට මුලින් පාවිච්චියට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවානම් ඉතාමත් හොදයි මොකද අපි කවුරුවත්ම පාර්ලිමේන්තුවට මංත්‍රී කෙනෙක් හැටියට මිස දොස්තරල ඉංජිනේරුවරු ආචාර්‍යවරු මහාචාර්‍ය වරු පත්කරල පාර්ලිමේන්තු යවන්නෙ නැහැනේ ජනතාව බලය නොදුන් තනතුරු තහනම් කල යුත්තේ එනිසාම තමයි
මෙතුමා හරි විදියට වැඩ කරලා තියෙනවා කිසිම දෙයක් දන්නේ නැති වුන් කියන කතන්දර මේවා.... පාර්ලිමේන්තු න්‍යාය අනුකුලව ඇමැති තනතුරක් දරනවා නම් ඔහු හෝ ඇය රජයේ වෙනත් සේවයක සිටි නම් එයින් ඉවත් විය යුතුයි. ඡන්දේ ඉල්ලුවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් දිවුරුම් දුන්නා පසු එම තනතුරෙන් ඉවත් විය යුතුයි. මේක ඉන්න බයියෝ නටන්නේ මෙතන එතුමාට එම සුදුසුකම නෑ වගේ....
අම්මෝ රට පෙරට, ෆයිරූස් හෝදන හේදිල්ල....ආයේ ලොවෙත් නෑ..මාර ලොන්ඩරි ටිකක්...
එසේ නම් ජීඑල් පීරිස්ටත් මහාචාර්ය කියලා පාර්ලිමේන්තු සමය දේවලුත් පස්සෙදීවත් කියන්න බෑ. අනෙකුත් අයටත් එසේමයි.