(බිඟුන් මේනක ගමගේ )
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් ලංකාවේ සියලු වීදි නාම පුවරු සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා වෙත අද (22) දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම භාෂා තුන හැර වෙනත් කිසිදු භාෂාවකින් වීදි නාම පුවරු නම් නොකළ යුතු බවට අග්‍රමාත්‍යවරයා උපදෙස් දී ඇත.
නැගෙනහිර පළාතේ ඇතැම් වීදි අරාබි භාෂාවෙන් නම් කර ඇති බවට පාර්ශ්ව ගණනාවකින් පසුගියදා චෝදනා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ගොඩක් කලින් කරන්න තිබ්බේ.... අරාබි මොඩලයේ ටවුන් හැදිලා, නාමපුවරු අරාබි වෙලා, රටක් ඇතුලේ රටක් හැදෙනකං අපේ පාලකයෝ කොහේද හිටියේ....
කාලෝචිත යෝජනාවක් කියන්න පුලුවන්. ඒ අතරම කියන්න ඕන රත්නපුර පානදුර පාරත් රත්නපුර කොළඹ පාරත් යාකරන ඇහැලියගොඩ ඇරෑපොල හිඳුරංගල හරහා ඉඩංගොඩ මාර්ගය නැදුරන පාර ලෙසට නම්කර නාම පුවරුවක් සවිකර තිබෙනවා. මෙනිසා වෙනත් පලාත්වලින් ඇහැලියගොඩ හරහා නැදුන්විහාරයට හා පානදුර හෝ අයගම වැනි ප්‍රදේශවලට යන මගීන්ට අපහසුතා ඇතිවෙනවා. මෙම මාර්ගය නගරයේ වෙනත් අතුරු මාර්ග ලෙසට නම්කිරීම නුසුදුසුයි
වහබ්වාදය භාවිතා කිරීම ලංකාවේ තහනම් කරන්න බැරි ඇයි?
මේ සියල්ලටම මුල අරාබි රටවල් වල වැඩට යාම. ඇතැම් අය බටහිර රටවල විදියට හැසිරෙන්න පුරුදු වෙලා වාගේ මේ පැතිවල අය අරාබි වෙන්න පටන් අරගෙන.
උඩින්ම සිංහල, ඊළඟට දෙමල, ඊළඟට ඉංග්‍රීසි.
ඌරුබොක්ක කියලා පුවරුවල ලිව්වට කමක් නැද්ද දන්නේ නැහැනේද?
අරාබි නම් සිංහලෙන්.. දෙමළ හා ඉංග්‍රීසි අකුරු? එය හරිම විනෝද ජනකයි.
අර වරක් රුසියානු ජනාධිපති පුටින් කියලා තිබුණාලු නේද "රුසියාවේ ජීවත් වෙනවා නම් රුසියානු නීතිය පමණක්ම බලපාන බව.. එකඑකාට ඕනේ විදියට කිසිම පොදු ස්ථානයක වැඩ නොකර, ලංකාවේ පවතින නීතිය පමණක් බලපාන අයුරින් වැඩ කෙරුවොත් නේද හොඳ?
අරාබි භාෂාවෙන් නම් ගහනකම් මොවුන් කොහෙද හිටියේ...?
මේවා සංදර්ශන පමණයි. අවශ්‍යතාවයට අනුව ආකර්ෂණය දිනාගන්න කරන ප්‍රකාශ බව කරුණාවෙන් සලකන්න. හරියට අර එක්කෙනෙක් පාසල් චෙක් කරන්න කැම්පේන් කරනව වගේ
තුන්සීය ගානකට ජිවිතේ දාලා යන්න උනා මුන්ගේ ඇස් ඇරවන්න. දැන්වත් නින්දෙන් ඇහැරිලා මේවා නවත්වන එක හොදයි හැබැයි ඔය ගන්න තීරණ ක්‍රියාත්මක වෙනවද කියලාත් හොයලා බලන්න. ඡන්දයක් ලග එනනිසා මුන් අපිට පෙන්නන තොරන්ද දන්නෑ මේවා
සම්පූර්ණයෙන්ම එකගයි මෙය සිදුවිය යුත්තේ මීට කලින් අපිට මොකටද අරාබි බසින් පාරේ නම් ඒ වගේම තව දෙයක් කලොත් හොදයි.......සිංහල භාෂාව ඉගෙන ගැනීම උතුරු නැගෙනහිරට අනිවාර්ය කරන්න
නැගනහිර පළාතේ සමහර ප්‍රදේශවල නාමපුවරු (වෙල්කම් බෝඩ්) සකස්කරලා තියන්නේ අරාබි භාෂාවෙන්. කාට කියවන්නද දන්නා නැහැ. එම පලාත්වල නියෝජන කරන දේශපාලකයන් ජනතාව මුලා කරන වැඩ. මෙකින් කාටත් කිසිම ප්‍රයෝජන නැහැ. දේශපාලකයොත් ඔවුන්ගේ කොන්ත්‍රාත් කරුවොත් ගසා කන්න වැඩ. මම එදාම කිව්වා මේවා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන වැඩ කියල.
ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සඳහන කාලෝචිතය. ජෝ මහතා, මහත්මිය කියා තිබෙන ආකාරයට ඕවා කරන්න තිබුනේ ගොඩක් කලකට කලින් බව කිව යුතුමයි. නැගෙනහිර පළාතේ, මුහුදුබඩ තීරුවේ, ප්‍රධාන නගර තුළින් දිවෙන A4 මාර්ගය මැදින් බෙදා එකදිගට රටඉඳි ගස් සිටුවා අරාබිකරයේ පරිසරයකට සමාන තත්වයක් ඇති කරන ලද්දේ, යම්යම් නාමපුවරු වෙනස් කරන ලද්දේ අවුරුදු 5කට මෙපිට ඉතිහාසය තුළ නොවෙයි නේද යන වග පාඨක සැමට වැටහුණොත් හොඳයි. එම ප්‍රදේශවල සැරිසැරූවන්ට මෙය පැහැදිළියි. එතකොට ජෝ මහත්මයා, මහත්මිය අසා ඇති ප්රශ්නය යොමු විය යුත්තේ කාටද?
අයි ඔබ චීන භාෂාව ඇතුළත් කරන්නේ නැත්තේ?
ඔන්න දැන් නම් අර දුර විතරක් පෙනෙන චීනක්කණ්ණාඩිය ගලවලා හැබෑ ඇස්දෙකෙන් පාරවල් බලාගෙන යනවා වගේ පෙනෙනවා. කලිනුත් ඔහොම ගියානම් වලවල්වල වැටෙන්නේ නැහැනේ...
ඔන්න දැනුයි නින්දෙන් ඇහැරිලා තියෙන්නේ...
මේ ආණ්ඩුවේ වැඩ වෙනකම් විශ්වාසයක් නැහැ.. ඕකට දින වකවානු හරියට සදහන් කරලා නියෝගය දෙන්න ඕනේ.. මොනවා උනත් කල යුතුව තිබුන දෙයක් දැන්වත් කිරීම ගැන සතුටු වෙනවා.. නැගෙනහිර පළාතේ සහ මුළු දිවයිනෙම තියෙන මද්රස පාසල් නියාමනය ඉක්මනින්ම කරන්න.. ඒවගේම මුස්ලිම් මගම සදහා ඇති පෙළපොත්වල විකුර්ති කරලා තියෙන ලංකා ඉතිහාසය නිවැරදි කරන්න.. පුලුවන්නම් පාසැල තුල කිසිම ආගමක් උගන්වන්නේ නැතිව සියලු ආගම් ගැන උගන්වන විෂයක් හදන්න.. තම තමන්ගේ ආගම ඉගෙන ගන්න , පල්ලිය, දහම් පාසැල තියෙනවනේ.. විශේෂයෙන්ම ආගම හෝ ජාතිය පදනම් කරගෙන පාසල් ඇති කිරීම නවත්වන්න. සියලු පාසල් වල රටේ ජන සංයුතිය අනුව ළමුන් ඇතුලත්කර ගැනීමේ ක්‍රමයක් හදන්න. උදාහරණයක් ලෙස, බස්නාහිර පළාතේ ජන සංයුතිය සිංහල 60%, දෙමල 20% මුස්ලිම් 20% නම් පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී ඒ අනුපාතය සැලකිල්ලට ගෙන සියලු ජනවර්ග වල ළමුන් එකම පාසලකට ඇතුලත් කරන්න. ඔවුන්ට එකම මිනිස්වර්ගයක් බව කියා දෙන්න. අපේ ඇති සමානකම් කියාදෙන්න බෙදා වෙන්කරන්නේ නැතුව එකතුවී මේ රටත් ලෝකයත් හදන හැටි කියා දෙන්න..
ඔය භාෂා තුන විතරනේ ලංකාවේ භාවිත කරන්නේ. එහෙම නම් ඇයි මේකට නීති පනවන්නේ. මේවා පිහිටුවන්නේ රජයේ ආයතන වලින් නිසා වෙනත් භාෂා යොදවන අය ගැන නීති මගින් කටයුතු කලයුතුයි.