(සුජිත් හේවාජුලිගේ)
ඖෂධ හදිසියේ මිලදී ගැනීම නැවැත්වීමෙන් රුපියල් කෝටි 114කට වැඩි මුදලක් ඉතිරි කරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
මේ අතර රටේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මෙරට භාවිතා කෙරෙන ඖෂධ 1200න් දැනට හිඟයක් පවතින්නේ ඖෂධ තිස් පහකට වඩා අඩු සංඛ්‍යාවක් පමණක් බව පැවසූ ගුණසේන මහතා පසුගිය රජය ඖෂධ හදිසියේ මිලදී ගැනීම නිසා විශාල මුදලක් නැති නාස්තිවූ බවද හෙතෙම සඳහන් කළේය.
රුපියල් තුන් සියයක් පමණ වටිනා එක්තරා ඖෂධයක් පසුගිය රජය හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 50,000 මිලදීගෙන තිබූ බවත් ඒ කතාව ඇසීමෙන් සමහරුන් සිහිමූර්ජා පවා විය හැකි බවත් සභාපතිවරයා කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් පසුව 2020 වර්ෂයේ සිට හරි මිලදී ගැනීම් නැවැත්වූ බව පැවැසු ප්‍රසන්න ගුණසේන මහතා තමා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් වනවිට ඖෂධ 300ක පමණ හිඟයක් රටේ පැවතුණු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 300 ඖෂධය රුපියල් 50000ට යහපාලන ආණ්ඩුව කාලේ ගත්තා කියලා කියනවා. සුවපතිතුමා ඔබගේ අමිල සේවයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා මඩ ප්‍රහාරයක් දෙනවා. සුවපතිතුමා කරුණාකරලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මෙතුමාටත් මඩක් ගහලා, වඩිග පටුන නටවලා, කිඹුලෙකුට කියමු මෙතුමාව කන්න කියලා. කොරෝනාව නිසා ගේ ඇතුලේම ඉන්න අපිට කම්මැලිකම යන්න එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියමුකෝ...
කොරෝනා අස්සෙත් මෙහෙම බුද්ධිමත් අනාගත තීරන ගත් ජනපතිතුමනි ඔබ රටට අභිමානයකි
සම්පදායික දේශපාලනය ඔබ්බට ගිහිල්ලා නව දේශපාලන මුහුනුවරක් ගත්ත පිරිසක් මේ ආණ්ඩුවේ ඉන්නවා දැන්... ඇත්තටම සතුටුයි.. යම් කෙනෙක්ට මේක පොඩි දෙයක් වෙන්න පුළුවන් එත් ඖෂද මාෆියාව තරම් ලංකාව තුල ශක්තිමත් මාෆියාවක් නැහැ... මාෆියාකාර වරුන් රජ කරන මේ වහේ යුගයක .. ඒ අභියෝගයන් වලට අභියෝග කරලා මේ වහේ තීරණයක් ගත්ත එක සතුටුයි ...බල්ලන්න එකෙන් වෙන වාසි. ජයරුවන්ලා විපක්ෂ සමග එකතු වෙලා නතර කරන්න ගියේ මේ වගේ දේවල් තමයි....
මොන තරම් මෝඩ කතාවක්ද මේ කියන්නේ? බෙහෙත් කව්රුත් ආසාවට බොනවාද? බෙහෙත් නැතුව කී දෙනෙක් දුක් විඳිනවා ඇත්ද? මෙයාලාගේ නොහැකියාව නිසා අසරණ වෙන්නේ මේ රටේ මිනිස්සු...
දැන්වත් තේරෙනවද විපක්ෂයේ අය ඇයි මෙච්චරම ආණ්ඩුවට විරුද්ධව දිය යටින් ගින්දර ගෙනිල්ලා තැන්තැන්වල ගින්දර තියන්නේ ඇයි කියලා...? හිතන්න.
ඇත්තටම අහන්න සතුටුයි. ඒත් රජවරු හැදූ ස්ථානවල ආරක්ෂාවෂාවතකා වගකීමෙන් තොර සංවර්ධන ව්‍යාපෘති කරපු, කොවිඩ් කාලෙත් මිනිස්සුන්ට මාළු පාන් වගේ සාමාන්‍ය කෑම දීල හෝටල්වලදි නිරෝධායනයට දවසට පහලොස් දාහක් අය කරපු ගජ මිතුරො ඉන්න රටක සත්‍ය ඒත්තු ගන්වන එක ඔබතුමා පක්ෂයටත් කරන සේවයක් වෙයි. ඒක ඡන්දෙටත් හොදයි
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත... හදිසි මිලදී ගැනීම්වලදී කොපමණ මුදලක් බෙහෙත් වෙනුවෙන් ගෙව්වත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ.. ඒක නීතිය අනුව වරදක් ගණයට වැටෙන්නේ නැහැ. මේ එක උදාහරණයක් පමණයි. මේ වගේ බෙහෙත් සිය ගණනක් රාජිත ඉන්න කාලේ හදිසි මිලදී ගැනීම් වලින් ගෙන්නුවා. වෙළෙඳ පොලේ රුපියල් 300ක් වූ සිරප් එකක් මේ හාදයා 28,000 ගානේ ගෙනාවා.. හැබැයි ඒ සියලු මිලදි ගැනීම් කලේ තෝරාගත් සමාගම් කීපයකින් විතරයි. මේ තමයි මේ ආණ්ඩුවේ හොඳ ලක්ෂණ...
අර දත්ත වලට මොකද වුණේ..? මැකිලා නැහැ නම් නැතිවෙලාද?