
(අංජුල මහික වීරරත්න)
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඒ නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශාල හිඩැසක් ඇති වෙන්නට යන බවද විජයවර්ධන මහතා කීය.
ගෑස් සිලින්ඩරය යටතේ තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බියගම රැලිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
"අද ඡන්දෙ ඉල්ලගෙන ආණ්ඩුවක් හදන්න එන්නේ පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලගන්න හිටපු පිරිසක්.මේ අභියෝගයට අපට මුහුණ දෙන්නට තිබෙනවා.මේ රටේ සම්ප්‍රදාය මෙන්ම රටේ සංස්කෘතිය ගැන දැනීමක් නැති,මේ රටේ දේශපාලන වාතාවරණය හරියට දන්නේ නැති කණ්ඩායමක් දැන් රට පාලනය කරනවා.ඉදිරියේදී රටක් ලෙස මොන විදියේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේ දැයි ප්‍රශ්නයක් අපට තිබෙනවා.
දැන් මේ රටේ පාලකයන්ට ඩිමෙන්ෂියාව හැදිලද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා.පසුගිය කාලයේ දුන් පොරොන්දු කිව්ව දේවල් අද වන විට අමතක වී තිබෙනවා.එවැනි පොරොන්දුවක් අප දුන්නේ නැතැයි දැන් කියනවා.උගන්ඩාවේ හංගා තිබෙන සල්ලි නැවත ගෙනෙනවා යැයි උගන්ඩා කුමාරි කී දේවල් අද ටිල්වින් සිල්වා ප්‍රතික්ෂේප කරනවා.
රජයේ සේවකයන්ගේ පඩි මාස හයෙන් හයට වැඩි කරන බව අනුර ජනාධිපතිවරයා එදා කිව්වා. එවැනි දෙයක් කිව්වෙ නැතැයි අද අනුර ජනාධිපතිවරයා කියනවා.ඔවුන් එදා මැතිවරණ වේදිකාවේ කියූ දේවල් බොරු බව ඔවුන් විසින්ම අද පිළිගනිමින් සිටිනවා යැයි රුවන් විජයවර්ධන මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා