(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකර මගින් ද අමරවීර යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.
සන්ධානයෙන් තරග කිරිමේ දී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන චෝදනා නව යෝජනා කටයුතු මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙයවීම ආදිය සම්බන්ධයෙන් එහිදී පිරිස අතර පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ, ගෝඨාභය ජනපතිගේ කාලය..
සිරිසේන මහත්තයා නැතුව.. කිසිම පක්ෂයකට අනාගතයක් නැහැ..!!!
හිටපු අය දැන් අවලංගු කාසි වෙලා ඉවරයි. මොනවා සාකච්ඡා කරන්නද ?
මේ මොනවද මේ අපිට දවසින් දකින්න ලැබෙන්නේ ? මේ ජරා ගොඩවල් එක්ක දේශපාලනය කරන්න එන්නේ එවැනිම ජරාගොඩවල් වගේ. මිනිස්සුන්ට දැන් තිබෙන හොඳම විකල්පය තමා මේ ජරා දේශපාලනය ඉවර කරන එක.
මේ මොන දේශපාලනයක්ද? ප්‍රතිපත්තියක් නැහැ. රැවටුණු අපි මේ පාරවත් ජවිපයට කතිරෙ ගහමු.
අපෝ ඔය සිරිසේනව නම් වද්දගන්න එපා. එයා සාටක පවුලම හිරේ දානවා කියල එදා කිවුවේ...? අද විලි ලැජ්ජා නැතුව 69 ලක්ෂයක් පත් කරපු ආණ්ඩුවේ කරෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නේ. ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච කුණුකූඩයට වැටිලා හත් පොලේම ගාගෙන ඉන්නේ. ගෝඨාභය මහත්තයාට අපි කියන්නේ නොමිනේෂන් නම් දෙන්න එපා...
හොඳම වැඩේ පරණ ජනපති සමග වැඩි සම්බන්ධයක් නැතුව ඉන්න.. එ්කට හේතුව මොහු 2015 ඡන්දෙට කලින් දුන්නු බොරු පොරොන්දු කන්දරාව සහ මොහුගේ පරිපාලන නොහැකියාව නිසා රටේ ආර්ථිකය කඩා වැටීම පාස්කු ප්‍රහාරය වැළැක්වීමට රටේ ආරක්ෂක ඇමති සහ ජනපති ලෙස මොහු අසමත්වීම වැනි ප්‍රශ්න නිසා මොහුට රටේ ජනතාවගෙන් 90%ක් විතර කොහෙත්ම කැමති නැත. පොහොට්ටු කාරයින්ගෙන් 99%ක් මොහුට විරුද්ධය. මොහු ලංකරගෙන ලොකු තනතුරු දුන්නොත් ඔක්කොම අවුල් වෙනවා. ගෝඨාභය මහත්මයාට කරන්න තිබෙන්නේ ලබන ඡන්දෙදි පොහොට්ටු ලැයිස්තුවට 50%ක් විතර කලින් දේශපාලනය නොකරපු උගත්, අවංක, දක්ෂ පුද්ගලයින් ටිකක් පැරෂුට් එකෙන් බස්සන එක... එතකොට ජනතාව තීරණය කරයි.. මෙවැනි වැඩ බැරි, බොරු පොරොන්දු දෙන පරණ ඔළුගෙඩිවලට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවනවද කියලා... නැතිනම් වැදගත් දක්ෂ මිනිස්සු ටිකක් යවනවද කියලා. මේ වැනි ජරාජීරණ වුන් පරණ දේශපාලකයින් කැබිනෙට්ටුවේ දමාගෙන රට දියුණුකළ නොහැකිය.
ජනතාවනි! අවධියෙන්! ඊළඟ සැරේ කවුරු ඉල්ලුවත් බුද්ධිමත් අය පමණක් ඕනෑම පක්ෂයකින් පාර්ලිමේන්තු එවන්න..
ගමයව දැක්කෙත් නෑ කාලෙකින්.
පැය එකහමාරාම පක්ෂය ගොඩ දනහැටි මැතිවරණය. දිනන හැටි , ජනතාවට රටට. සේවය කරන හැටි. කවදද කතා කරන්නේ. තමන් අවංකව කොන්ද කෙලින් නම්. වැඩ බැරි අයත් සමග මොන කතාද. නමුත් මෙතන පක්ෂය ගොඩගන්න නේ හිටපු. නායකයා ගෙන්නුවේ ඒය ඔය වැඩේ හරියට කරයි. දිය යටින් ගින්දර ගෙනියන්න , එකවර ගැහැණු දෙන්නෙක් සමග. දිග. කන්න රුසියා. අඩි 9 පොලොව යටට අරිනවා. කිව්වේ. කාවද
මීලඟට දියකර හරින්නේ කුමන පක්ෂයද කියා වෙන්න ඇති. මේ ගැන මෛත්‍රීපාලට විශේෂිත දැනුමක් තිබේ.