(අංජුල මහික වීරරත්න )
වත්මන් ආර්ථික ගැටලුවලට යම් සහනයක් ලබා ගැනීමට ඇති එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොරෝනා පාලනය කරන අතර ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ පැන පැන හිනා වෙනවා ඇති හොදටම ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩයෝද
ආසියාවේ පරිනත ඇම්ඩාගේ කතාව කියවා ....... අර්ජුනය දෙකොනින් සිනාසුනා සින්ග්පුර් සිට...... මේවගේ මෝඩයන් ලංකාවේ සිටින තුරාවට......... මහා බැංකුව නොව ලංකාවම උස්සනවා මාහෙටම..
ඔව් ඔව් තමනුත් සමග.
දන්නේ මේචර තමයි ඉතින්
අනේ මහත්තයෝ ඔබේ ඔය පැරණි ජාත්‍යන්තර තැටිය නැවත වයන්න එපා. ඒකෙන් තමයි ඔබේ පක්ෂය ට යන එන මං නැතිවුණේ.
කවුරු කොහොම කිව්වත් ඔබතුමාගේ කාලයේ මිනිස්සු පහසුවෙන් ජීවත් වුණා. ඔබතුමාගේ හැකියාව රටට අවශ්‍ය මොහොතයි මේ. ඔබතුමා රට බාර ගත යුතු මොහොතයි මේ...
මෙයාගේ කාලේ රටේ අය වැය හැදුවේත් ඔය කියන මූල්‍ය අරමුදල තමයි.
මෙයා තවත් කියන්නේ ගොන්කතා, අනුන්ගෙන් කාපු නිසා තමයි දැන් කෙළ වෙලා තියෙන්නේ.. රටම ණය කරලා දැන් බෝධිසත්වයෙක් වගේ කතාව... රටේ කර්මාන්ත ඇතිකරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමයක් දන්නේ නැහැ. දන්න එකම දේ ණයට ගන්න.
ලංකාව ලෝකයට ණයයි කිය කියා මිනිසුන් විදේශ වලට යවා වහල්කම් කරව ගන්නවා. ලංකාවේ මුදල් වලට සම්බන්ධ ආයතන වල වගකීම ද්විත්ව පුරවැසියන්ට ලබා දෙනවා. ලංකාවේ මිනිස්සු විදේශ වලට ගිහිල්ල වහල්කම් කරලා එවන මුදල් වලින් ලංකාවේ විදේශ සංචිත තියෙනවා කියල කියනවා. ලංකාවේ රුපියලේ අගය අඩුවී භාණ්ඩ හා සේවාවල අගය, ගුණාත්මකභාවය අඩුවී මිල අධික වී හිඟන චක්‍රයක් වගේ හැමදාම එකම දේ අහන්න ලැබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන හැමදාම ලංකාව ණයයි කිය කියා ඉන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ලෙස මිනිසුන්ගෙන් වැඩ ගැනීමටද? මිනිසුන්ගෙන් වැඩ ගැනීමට වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
මේ කියන්නේ හරියට මෙයා කියල අරන් දුන්නා වගේනේ.
මුන්දැ දැන් මාර දාර්ශනිකයෙක්වෙලා. බලය තියෙන කාලෙ කළේම කයිරාටික වැඩ, බලය තියෙනකාලයේ කළේම රටට අහිතකර දේවල්.
බොන්ඩ් කෙස් වගේ ෆන්ඩ් එකට වැඩේ දෙන්න හදන්නේ.
හොරු බේරපු එක තමයි කලේ. ඒකෙන් ආයෙමත් හොර නඩයම බලයට ආව.
කටක් ඇරල පඩිය කීයද කියල කියන්න පුළුවන් 10,000/-ක් පඩිය වැඩිකරපු නිසා. බඩු මිල අහස උසට ගියේ නෑ. මිනිස්සු හොදට කාල බීල හිටිය. රටේ ජනතාවගෙ අතේ සල්ලි ගැවසුනා. පොඩ් ව්‍යාපාර දියුණු උනා. රටේ ණය වාරික හරියට ගෙවල තිබුනලු. කල්පනා කරල බලන්න ඔයා ඔක්කොමත් කරලා හොරකම් කරන්න විශාල මුදලකුත් මහ බැංකුවේ තිබුනා . හොරකම් කරලත් තව මුදල් තිබුනා. ඉතින් මෙයාගේ ක්‍රමය හොද නිසානේ රටේ මුදල් තිබුනෙ. විදේශ ණය ගත්ත ප්‍රමාණය අඩුයි. මට හිතෙන දේ තමයි මම කිව්වේ.