
(ජේ.ඒ.එල්.ජයසිංහ)
ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිටි මාතලේ මණ්දන්ඩාවෙල පදිංචි රෙදි වෙළෙන්දකු සහ ඇඟළුම් ආයතන හිමිකරුවකු ,අනතුර සිදුකල වාහන දෙක ද සමග අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලීසිය කියයි.
සැකකරුවන් සාදයකට ගොස් මත්පැන් පානය කර අළුයම මෝටර් රියෙන් යමින් සිටියදී වත්තේගමදී ලක්ෂ්න් බණ්ඩාර මහතා යටකර දමා පළා ගොස් තිබූ අතර අනතුරින් පසුව යාබද කාණූවක වැටී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මළ සිරුර වත්තේගම පොලීසියේ නිලධාරින් විසින් 15 වන දින අලුයම සොයාගෙන තිබේ.
මෙම මාරක අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා අනතුරින් පසු පළාගොස් තම සගයකු සමග තවත් මෝටර් රියකින් එම ස්ථානයට පැමිණ, පසුව ආපසු පළාගොස් සැඟව සිටියදී වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර ,රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද රාජපතිරණ , , පොලිස් කොස්තාපල් වරුන් වන ජේ.පුෂ්පකුමාර , සහ ඒ. නන්දන යන නිලධාරීන් අනතුර සිදූවූ ස්ථානය සහ අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කොට මහත් වෙහෙසක් දරා අනතුර සිදුකල මෝටර් රථය සහ එයට සහාය දුන් පුද්ගලයා පැදවූ මෝටර් රථයද සමග සැකකරුවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට