
(විමුක්ති එස් රුද්‍රිගු)
වතුකරයේ තෝරාගත් පාසල්වලට "ස්මාර්ට් පන්තිකාමර 60" ක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් අත්සන් තැබූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දීය රජය ලබාදෙන ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5080 ක ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති නුවරඑළියේ දිස්ත්‍රික්කයේ පාසල් 48ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 6 ක් සඳහා මෙම "ස්මාර්ට් පන්තිකාමර 60" ලබාදෙන බව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සජිත් ප්‍රේමදාස මහත්තයා නේද හැංගිලා ඉන්නේ..? හොරගෙඩියා.. හොරෙන්ම සමාජ සේවේ... ලැජ්ජයි ද දන්නෑ නේද..?
මොන ආණ්ඩුවක් ආවත් හැමදාම විඳපු පාසල් දරුවන්ට මෙහෙම හරි හොඳක් සිදුවන එක ලොකුදෙයක්...
රත්නපුර, ගාල්ල, කෑගල්ල යන ප්‍රෙද්ශ සලකා බලන්න..