IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්

(යොහාන් භාසුර)

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මලෛයග තමිළර් ප්‍රජාව සමඟ ඊයේ (06) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් අමාත්‍යවරයා කීය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවදානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්, ඒ හරහා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

වතුකරයේ පාසල් 864ක් තිබෙන අතර, එයින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව මලෛයග තමිළර් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අනාවරණය කළ අතර, එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වල ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වතු පාසල් සඳහා පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, සමස්ත පාසල් දහස් ගණනකට මෙම ඉඩම් අයිතියේ ගැටළුව පවතින බවත්ය.

එබැවින්, එම සියලු පාසල්වලට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා සිදුකරන අතර, ඉදිරි කාලය තුළ එම ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site