
(නිමල කොඩිතුවක්කු)
වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් වෙත ඉඩම් හිමිකමලබා දී ස්වෝත්සාහයෙන් තම ජීවිකාව ගෙන යන කුඩා තේ වතු ප්‍රජාවක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 135 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
රටට ඩොලර් ගෙන එන වතු ප්‍රජාව මෙතෙක් හැඳින්වූයේ වතු කම්කරුවන් ලෙස වුවත් සමගි ජන බලවේගය රටට ඩොලර් ගෙන එන මෙම ජනතාව උඩරට ප්‍රජාව ලෙස ගෞරවාන්විතව හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අදටත් අප රට යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සිදු කරන කැපකිරීම නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දළු කඩන්නේ, පෝර දාන්නේ වතු හිමියන්ද?
මේ තේවතු ටිකත් කෑලි කඩලා කුකුල් කූඩු ගහන්න යන්නේ...? මෙයා ජනාධිපති වුණොත් රටේ තේ වගාවත් විනාශ කරනවා.
තාත්තා වගේම, පුතාණෝත් කටට එන ඕනෑ දෙයක් කියලා දානවා. ඒ වෙලාවේ තමන්වටේ ඉන්න... තමන් බෙදන හාල්ගන්න එන මිනිස්සු පිනවන්න. ඒවා "හිස් වදන්" බව දැන් දැන් මිනිස්සු නොදන්නවා නොව... බෙදන හොරසල්ලි, හාල්.. ගන්න මිනිස්සු එනවා. මේ මෝඩයා ඔහේ කියවනවා.
ඡන්දය බලාගෙන කරන මෙවැනි ප්‍රකාශන වලින් වළකින්න. ලන්කාව අද පවතින තත්වයට හේතුවත් දුරදිග නොබලා වැඩකිරීමයි. ජනගහනය නම් වේගයෙන් ඉහළ යනවා. ඉඩම් සීමීතයි.. අප් කළයුත්තේ තැන තැන ඉඩම් කැබලි නොකර හරි කලමනාකාරිත්වයෙන් යුතු මහල් ගෙවල් සාදා මේ ජනතාව එහි පදින්චි කර වත්තේ රැකියාවට පහසුකම් ඇති කිරීමයි.
මළා... රජ කාලේ වගේ කම්කරුවෝ ඉන්දියාවෙන් ඉම්පෝට් කරන්න වෙයිද එතකොට?
එතකොට වතුවල වැඩ කරන්නේ ව්‍යාපාරිකයෝද? නිකන් බොළඳ කතා කියන්න එපා... වතු ප්‍රජාවගේ දුප්පත්කම නැතිකරන එක තොන්ඩමන්ලා ඉන්නකන් කරන්න බැහැ. ඔවුන් බලන්නේ වතු ප්‍රජාව නූගත්, දුප්පත් ජනතාවක් විදිහට තව දුරටත් තියාගෙන ඔවුන් වහලුන් ලෙස පාලනය කරගෙන යන්න...
මරු මෙයාගේ උඩරට ප්‍රජාව
සජිත් නම් ඉතිං ආතල්ම තමයි, කමක් නැහැ එයා අනුරට චන්ද එකතු කරලා දෙනවා.ඊලග පාර එයාව රටේ මිනිස්සු විපක්ෂ නායකයා කරන්නේ, දෙන්න වෙන කවුරුවත් නැති නිසාමයි.
එතකොට මිටි නම් කම්කරු තේ දලු කඩනවා.....මොල පියානෝ......
එහෙම කියන්නේ කුඩා තේවතු හිමියන් කම්කරුවන් කරනවා කියලා තමයි මදි වුණොත් ඉන්දියාවෙන් ගෙනැවිත් කලකින් උණත් කුඩා තේවතු හිමියන් කරන්න පුළුවන් වේවි...