(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කර තිබියදීත් වැඩ වර්ජනයක නිරත වන සේවකයින්ට එරෙහිව අකමැත්තෙන් හෝ නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
ඔවුන්ගේ ගැටලු මාස එකහමාරක් තුළ විසඳන බවට පොරොන්දු දී තිබියදීත් වැඩ වර්ජනයක යෙදෙමින් ජනතාව අපහසුතාවට පත්කිරීම වරදක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්‍රාමික සේවකයින් කැඳවා ඉදිරියේදී එන දුම්රිය වර්ජනවලට මුහුණදීමට අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බවද අබේසිංහ මහතා කීවේය.
අද දිනයේත් දුම්රිය ගමන්වාර 30ක් පමණ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් දෙන්නෙක් අයින් කළා නම් ආයිත් එන්නේ නෑ ස්ට්‍රයික් කරන්න...
රටේ ආර්ථිකය වැටිලා තිබෙන මේ අවස්ථාවේ තම පොකට්ටුව ගැන පමණක් සිතන අහිංසක ජනතාව දුක ගැන නොසිතන වර්ජකයෝ හොඳින් හෝ නරකින් පාලනය කරන්න නම් වෘත්තිය සමිති වලට බිය නැති කොන්ද පණ ඇති, හොරකම් නොකරන ජයවර්ධන ජනාධිපති වැනි නායකයෙක් රටට අවශ්‍යයි.
දවල්ද? හිටගෙනද?
කරන්න පුළුවන් බම්බුවක් ගැන කතා කරනවා හලෝ...
1980 ජුලිවලත් නායකයා නීතිය ක්‍රියාත්මක කළා..