(නිමල කොඩිතුවක්කු)
වැඩබලන ජනාධිපති බව කියා ගනිමින් මේ රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය දමමින් ජනතාව මර්දනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරමින් සිටින බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය.
නිරායුධ අරගලකරුවන් මර්දනය කිරීම සඳහා ආයුධ යොදා ගත් ආරක්ෂක අංශ කැඳවමින් කටයුතු කරන ආකාරය සමගි ජන බලවේගය අප්‍රසාදය පළ කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
දූෂිත දේශපාලනයට එරෙහි යහපත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙනුවෙන් සාමකාමීව අරගල කරන ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනීසිටින බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
විපක්ෂය දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කරද්දී ඒ සියල්ල පසෙකලා අගමැතිවරයා පැසිස්ට්වාදීව ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා කීවේය.
ජනතා ප්‍රශ්නවලට උත්තර ලබා දිය යුත්තේ තුවක්කු වලින් කඳුලු ගෑස් වලින් නොවන බවත් ජන අරගලයට ඇහුම්කම් දී ප්‍රජාතන්ත්‍රවාදීව ගැටලු විසඳන ලෙස අගමැතිවරයාට බල කර සිටින බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතලා කතා කරනවද? ! බලන්න කරලා තියෙන දේපල හානිය...! ලෝකයම හිනාවෙනවා මේවා දැකලා..!
මෙවන් අවස්ථාවාදී ප්‍රකාශ නොකර ගිනි නිවීම සදහා ප්‍රකාශ කිරීමට අදහස් වේවා, පාර්ලිමේන්තුව වට කරන විට ගිනි තියන විට සජිත්ට බලයට ඒමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාවත ද අහිමි වනු ඇත
මහා පාරේ අවස්ථාවාදී ත්‍රස්තවාදීන්ට තදින් ක්‍රියා කල යුතුව ඇත!!!
මේ හිකනැලුන් තමයි වැද්දන්ව උසි ගන්වලා රට විනාශ කරන්නෙ . මොවුන්ගෙ අරමුණ පුතානෝ ගෙනල්ලා සැපක් ගන්න
ඔය කිව්වට වැඩක් නෑ. බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ.. රටවැසියාට හෙණ ගැහුවත් එයාට ඕනේ බලය. නැතිනම් අර අවුරුදු 30ක් යුද්ධය කරද්දී, ලෝකෙ වටේ ගිහින් ලංකාවට ආයුධ දෙන්න එපා කියයිද?
නැතුව කාට අගමැතිකම දෙන්නද?
බණ්ඩෝ පුතාණෝ ආවත් ලපයයි, දෙමලයි ඉන්නකල් මාසයක් ඔබලාට කරන්න දෙන්නේ නැහැ....
ඔබලගෙ නායකයටත් කියපල්ල.. මෙ වෙලවෙ මිනිස්සු කුලප්පු නොකර ඉදිරියට ව්‍යවස්ථානුකූලව ගන්න පියවර වලට සහය දක්වන්න කියල...... මුන් මිනිස්සු කුලප්පු කරල වැඩේ විනාසකරනව....