(අජන්ත කුමාර අගලකඩ)
මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැතිවරයා එම ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ (11) යවා ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හතරක් පුරප්පාඩු විය.
එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවනු ලැබීය.
එම නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පෙරේදා (10) පත් කළේය.
ඒ අනුව ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමැති වශයෙන්ද , අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග ,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති වශයෙන්ද , බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ ,දිගු කාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු වැඩබලන ඇමැති වශයෙන්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.
කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බවද පැවැසේ.
ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇතැයිද එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමකටද ලක්විය හැකි බව අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල හරකා සහ මී ගොනා දෙපැත්තට ඇද ඇද ඉන්න. රටට කෙලවලා තියෙන්නේ බොලව්... අගමැතිට ඕනේ අය දාලා නේද මහා බැංකුවටත් වැඩේ දුන්නේ? මොනවද මේ කියවන්නේ? යන්නකෝ,... විශ්‍රාම මේ රටේ අයට සැනසීමෙන් ඉන්න දීලා.. ඉතුරු ටිකටත් කෙළවන්නේ නැතුව...
"දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" කියලා කියමනකුත් පොදු ජනයා අතරනම් තියනවා.
රටේ ව්‍යවස්ථාව වෙනස්කලේ ජනතාවගේ කැමැත්ත අරගෙන නෙමෙයි. දැන් පෙනෙන විදියට කාටත් හොරෙන් එක උඩු යටිකුරු කරලා. මෙව්වා හොඳ පාඩම්. ඒත් දැන් පාඩම් ඉගෙනගෙන එව්වට ඔච්චම් කරගෙන ඉන්න කාලයක් නැහැ
ලංකාව මෙන් 50 ගුණයක් විශාල ඉන්දියාවේ කැබිනට් ඇමතිවරුන්ගේ ගණන 24ක් නම් 50 ගුණයක් කුඩා ලංකාවට ඇමතියන් 15 හොඳටම ප්‍රමාණවත්ය. එමනිසා වැඩ බලන්න තියා වැඩ කොරන්නවත් තව ඇමතියන් පත් කිරීමට උවමනා නැත.
ඔය 19 වැනි ව්‍යස්ථාව තමයි රට අගාධයට දැම්මේ. වහාම එය අවලංගු කර පළමු තිබුන විදිහට තිබෙන්න හැර මහා මැතිවරණයක් පවත්වා රට ගොඩගැනීමට ඉඩ සැලසිය යුතුයි.
ඔබ සියලු දෙනාගේම ක්‍රියා කලාපයන් මේ වන විට ජනතාව ප්‍රශ්න කරමින් සිටින බවත් දැන ගන්න.
මෙච්චර දෙයක් වෙලා මේ දෙන්නා කරන දේශපාලනය රටට මහා බරක් .අස් වෙලා යන්න!
ස්ථිර ඇමතිවරුන් පත් කළ යුතුයි. දැන්නම් ඉතින් කවුරු පත් කළත් ඔවුන් රටට හිතකර වෙන්නෙත් නෑ. ආපු දවසේ ඉඳන් කොතනින්ද හොරා කන්නේ කියල බලයි. එච්චර තමා වර්ථමාන දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ.....
රට අවුලෙන් අවුලට පත් කරපු ව්‍යවස්ථාව, ජනාධිපතිව පබයෙක් කරලා , දැන් ඉන්නේ නමට ජනපති කෙනෙක් , දෙවියනේ මිනිස්සුන්ට මොලේ නැද්ද මේ වගේ රට විනාස කරන කෙනෙක්ට ඡන්දෙ දෙන්න තරම්
තීරණය අරගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න. මොකද කිවුවොත් ව්‍යවස්ථාව හදන්නෙත් මිනිස්සු කඩන්නේත් මිනිස්සු. රටේ අවශ්‍යතාව අනුව එය වෙනස්කරගන්න.
19 වැනි වියවස්තව නිසා රටේ පාලනය අවුල් වී ඇත ඔබතුමා ඇතුළු එජාපය සම්පුර්ණයෙන්ම මෙයට වගකිවයුතුය ජනපති ඇතුළු ශ්‍රීලනිපයේ මෙයට දායක උන සියලු දෙනාද වගකිව යුතුය. රටේ ජනතාවගේ ආරක්ෂාව පතා අපට මෙය වහා වෙනස් කලයුතුබව හැඟී යන නිසා වහාම මැතිවරණය පවත්වා ඔබගේ නම ඉතිහාසයට ගෞරව ලෙස එක් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු
අරුණ එක්කෝ ඔබ දේශපාලනය ඥානයක් නැති කෙනෙක් නැත්නම් යමක් හංගන් තවෙකක් කියන කෛරොටිකයෙක්
රනිල් වික්‍රමසිංහ වැනි අය ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, ස්වාධිපත්‍ය, බෞමික අඛණ්ඩතාවය, දේශීයත්වය, ජනතා පරමාධිපත්‍ය වගේ මාතෘකා කතා නොකර ඉන්නවා නම් තමයි වඩාත් හොඳ... මොකද උඩ දාල ෆුට් බෝල් ගැහුවේ එයාලම තමයි.
1818 සිට සියලු ජාතින් එකට ජාතික සංගමයෙන් කරගන ආ සටනින් නිදහස පෙනිද්දී සිංහල බෞද්ධ අන්තවාදීන් 1939දී බණ්ඩාරණායක, නායකයා කර සිංහල මහසභාව පිහිටුවීම නිසා සිංහලයන් බලය පතුරන්ට යන බැවින් සුද්දා යටතේ 50ට 50 භුමි අයිතිය ගනීමු කියා දෙමළු ජාතික සංගමයෙන් ඉවත්වෙත්දී ඩී.ඇස්.ගේ උපායෙන් 1948දී නිදහස ලැබී 1951දී බණ්ඩාරණායක ඩී.ඇස්.ගෙන් ඉවත්වී ශ්‍රී.ල.නි.ප.ය පිහිටුවා 1953 දී පැරදී උතුරු-නැගෙනහිරට දෙමළ පාලනයක් දෙන්නට චෙල්වනායගම් සමග ගිවිසුමක් ගසා 1956දී බලය ලබා එය නොදීම නිසා ඇති වූ කෝලාහලය නිසා සරණාගතයින් ලෙස බලවත් රටවල් 80ක විහිදී ඒ රටවල ධනවත් ව්‍යපාරිකයින් වී කෝටි 8ක් දෙමළුන් ලංකාවේ ආනයන-අපනයන-ප්‍රවාහන ඒකාධිකාරය පවත්වා ගනිමින් අහාර ඇතුළු සියලු භාණ්ඩ හිඟයක් ඇතිකර 1975 දී ඊලාම් යුද්ධය ඇතිකර සිරිමා රජය රූකඩයක් කර තිබීයදී පළාත්සභා පිහිටුවා බලය විමධ්‍යගත කරන බව 1977දී ඡන්ද ප්‍රකාශණයේ දක්වා අමෘතලිංගම් රැජින ලෝක බලවතුන් ග්‍රහණය කරගත් ජේ.ආර්.බලය ගත් දාම යුද්ධය නවතා ලෝක ධනවතුන් ගෙන්වා විවෘත ආර්ථිකය ඇතිකර දෙමළ ඒකාධිකාරයෙන් මිදී 1983 අන්තවාදීන් කළු ජුලිය ඇති කර 30අවුරුදු ඊලාම් යුද්ධය නැවත ඇතිකළා.
1977 සිට වීවෘත ආර්ථිකය නිසා 1956න් පසු වැඩුණු දෙමළ ආර්ථික ඒකාධිකාරයේ අභියෝගයෙන් මිදී සීඝ්‍ර දියුණුවක් ලබත්දී ජේ.ආර්. විරෝධී අන්තවාදීන් දෙමළුන් මරමින් ඇතිකළ කළු ජූලිය නිසා නැවත 30 අවුරුදු ඊලාම් යුද්ධය ඇතිවී ජේ.ආර්. හා රනිල්ගෙන් ලැබූ පසුබිම නිසාම ෆොන්සේකා යුද්ධය දිනද්දී 2005 සිට 2015 දක්වා 10අවුරුද්දක් තිස්සේ මහින්ද ගේ රජය යටතේත් 2015 සිට වත්මන් රජය යටතේත් වැඩුණු මුස්ලිම් අන්තවාදය මුස්ලිම් නොවන සැම මරා අරාබි පරාදීසයක් කරන්න පාස්කු ඉරිදා දරූ ප්‍රයත්නය පොලිසිය හමුදාව මගින් පැය කිහිපයකින් වැලගිය මුලගිය තැන් හොයා අත්අඩංගුවට ගන්න අපහාස විඳිමින් බාධක මැඩලමින් රනිල් කළ මහා මෙහෙවර නොවන්නට ජාතිවාදයේ ගින්න මුළුරටම වෙලාගනු නියතය. එසේ කර තිබියදීත් අන්තවාදීන් 1983 මෙන් සංහාරයක් කරනට ගත් උත්සාහය නිෂ්ක්‍රීය වූයේ ස්වාධීන පොලිස් කොමිසම නිසාය. රනිල් ඇටවූ ජාත්‍යන්තර බලවතුන්ගේ ආර්ථික සෙල්ලමද අද පවතින අභියෝගයෙන් මිදී රට දියුණුව කරා මෙහෙයවන ක්‍රමයකි. ඉන් ඇතිවෙන ජරාව පාලනය කිරීම අරාබි පරාදීසයක වාසනාවට වඩා තාක්ෂණිකය. මෝඩයිනට මේවා නොවැටහේ. මුස්ලිම්-අරාබි ආර්ථික අභියෝගයට මුහුණදීමට සිදුවීමයි.