
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී "වඩාත්ම කැමති දුපතට" හිමි රන් සම්මානය දින ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.
වාර්ෂිකව පැවැත්වෙන වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේ මෙවර 23 වැනි වරටත් ලන්ඩනයේ ටෙට් මොඩර්න් කලාගාරයදී ඊයේ (06) පැවැත්විණි.
ගියවර "වඩාත්ම කැමති දුපත" කාණ්ඩයේ අටවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම කාණ්ඩයේ රිදී සම්මානය තායිවානය දිනාගත් අතර ලෝකඩ සම්මානය පෝර්ට රිකෝව දිනා ගත්තේය.
එසේම මෙම සම්මාන උළෙලේදී " වඩාත්ම කැමැති රටට" හිමි රන් සම්මානය අවුරුදු හතරක් තුළ තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවට හිමිවිය. " වඩාත්ම කැමැති රටට" හිමි රිදී සහ ලෝකඩ සම්මාන පිළිවෙලින් කැනඩාව සහ ජපානය දිනා ගත්තේය.
ලෝකය පුරා සිටින වොන්ඩර්ලස්ට් පාඨකයන් මෙම සම්මාන උළෙලේ කාණ්ඩ සඳහා ලක්ෂ 30 කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාදී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට හැදෙනවා... දැන් නම් ශුවර්...
මේ සෑහෙන කාලයක් තුළ රටේ ප්‍රතිරූපය ගොඩ නගපු එකේ ප්‍රතිඵල.
අපේ ජාති හිතෛෂී රනිල් ඡන්දෙන් පස්සේ රට ගියාම ඔය තීරණේ වෙනස් කරයි. බයවෙන්න එපා.
වඩාත් කැමැති දූපතේ හොරුන්ට ආවඩන පිරිසක් ඉන්නවා. ඔවුන්ගෙත් අලගෙඩි වගේ මොලගෙඩි ටික හැදිච්චි දවසක මේ දූපත ලස්සන වෙයි...
රට හැදෙනවාට කැමැති නැති අය අන්න දුමින්ද උදයකුමාර මහත්තයාගේ කොමන්ටුවට ඩිස්ලයික් දාලා. පේනවා නේද? පාලකයෝ විතරක්ම නෙවෙයි වැරැදි...