(එම් .සුසිල් ප්‍රියන්ත)
අහුන්ගල්ලේ දී ත්‍රිරෝද රථ රියැදුරාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ඇහුන්ගල්ලේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට ඊයේ(12 ) දහවල් වෙඩි තබා ඇත්තේ මොහු බවට තහවුරුවී ඇති බවද පොලිසිය කියයි.
වෙඩි වැදී මියගිය පුදගලයාගේ අනන්‍යතාව තවම තවුරුවී නැති බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරුවන් සඳහා සම්මත විනිශ්චය.
ත්‍රීරෝද රියදුරන්ට වෙබි තබා ඇත්තේ මොහු බවට සඳහන් කරනවා. ඒ වුණාට එයට පහළින් සඳහන් කරනවා මොහු කවුද කියලා තවම හඳුනා ගෙනෙ නැහැ කියලා. එතකොට පොලීසිය වෙඩි තැබුවේ මොකුත් නොදැනද?
ඔය විදිහට හරි මිනිමරුවන්ව නැති කරලා දමන්න.
අහුන්ගල්ලේ වෙඩි තැබීම මේ පුද්ගලයා සිදුකල බව තහවුරු කලාලු. ඒ උනාට අනන්‍යතාවයවත් දන්නේ නැතිලු. මේ නාටක වල පිටපත් ලියන අය ගැන නම් කියලා වැඩක් නැහැ.
ඔවුන් යහසමාජයට පිළිලයක්... බුරුතු පිටින් විනාශ කළ යුතුයි. ඔවුනට ආරක්ෂාව දෙන යම් දේශපාලකයෝ සිටිත්ද ඔවුන්වද විනාශ කර දැමිය යුතුයි...!
ඔබට කිසියම් පුද්ගලයකු යම් දිනක යම් ස්ථානයක යම් සිදුවීමකදී දකින්නට ලැබෙනවා. ඔහු කල දේත් දකින්නට ලැබෙනවා. ඊට පසු දිනකදීද ඔබ ඔහුව කිසියම් හේතුවකින් දකින්නට ලැබෙනවා. ඔබට මතක් වෙකවා මේ අර එදා සිදුවීමේදී දුටු පුද්ගලයාමයි කියලා. එය තමයි හඳුනා ගැනීම. හැබැයි ඔහුගේ නම, කාගෙ කවුද කිසිම තොරතුරක් ඔබ දන්නේ නැහැ. ඒක තමයි අනන්‍යතාවය. විවේචන කරන්න කලින් දෙපාරක්අ බලලා අවබෝධ කරගන්න. පොලිසියේ ආරක්ෂක හමුදාවේ කාර්යයන් අවතක්සේරු කරන්න එපා. අඩුපාඩු ඇති. ඒත ඔවුන් නැත්නම් අපේ රට ඉස්සර චිකාගෝවක් වගේ වෙයි.