
(අංජුල මහික වීරරත්න)
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
“ප්‍රජාශක්ති” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, “ප්‍රජාශක්ති” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගන්නවා වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මතු කළ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කීවේ ඉදිරි වර්ෂවල රජයේ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ග්‍රාමීය මට්ටමේදී ප්‍රජා සංවර්ධන සභා විසින් හඳුනා ඒවා විය යුතු බවයි.
එබැවින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවට ගැලපෙන ව්‍යාපෘති හඳුනා ගැනීම වෙනුවට, ව්‍යාපෘතියේ අවශ්‍යතාව සලකා බලා ප්‍රමුඛතාව ලබා දිය යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කීහ.
එම ප්‍රමුඛතා අනුව ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයත සිය ප්‍රතිපාදන වෙන් කළයුතු බව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම නැවතත් දිසාපති තනතුර ඇතිකරනවා නම් හොදයි කිසිම ජන මතයක් නොමැති පිරිස් එකතුවෙලා පිහිටුවාගෙන තියෙන දේශපාලන පක්ෂවල ලේකම්ලා අතරත් දිස්ත්‍ර්‍රික් ලේකම්ලා සිටින නිසා අතීතයේ ඉතාම වැදගත් තනතුර හෑල්ලුවට ලක්වෙලා තියෙනවා...