IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට

 

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක්  පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩකඩ සැලසූහ.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට වැඩිමිලට විකිණීම සඳහා කැකුළු සහල් තොගයක් රැගෙන එන බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් ඇල්පිටිය පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම ලොරියේ කිලෝ 15000 ක කැකුළු සහල් මිටි 400 ක් තිබූණ බවත් අත් අඩංගුවට ගත් සහල් තොගයම ඇල්පිටිය නගරයේ පිහිටි එම වෙළඳසැල අසලම තබාගෙන කිලෝවක් රුපියල් 220/= බැගින් පාලන මිලට පාරිභෝගිකයන්ට ලබා ගැනීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.

මෙම සහල් ගෙනවුත් ඇත්තේ කිලෝවක් රුපියල් 280/= බැගින් විකිණීමට බවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.පාරිභෝගික අධිකාරියේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂක කපිල බණ්ඩාර,ගාල්ල දිස්ත්‍රික් ප්‍රධානී බී.ගොඩගම,විමර්ශන නිලධාරී සජිත් රන්කෙන්දමුල යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.

 



අදහස් (2)

වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට

ගුණරත්න Monday, 27 January 2025 10:07 AM

මේක නම් රාජ්‍ය ත්‍රස්තවාදය, ඒ මනුස්සයා වැඩි මිලට මිලදී ගත් සහල් තොගයක් නම් පාඩුව ගෙවන්නේ කවුද? මේ දවස් වල අමු වී කිලෝ එක 150 ක් 170ක් වගේ ගණන් වලට විකිණෙන කාලෙක හාල් කිලෝ එක 220 විකුණුවා කියන්නේ ලොකු පාඩුවක් වෙන්න ඇති.

:       3       3

ජයනාත්Monday, 27 January 2025 04:09 PM

අමු වී 170 ගන්නේ කවුද? මේ කරපු වැඩේ හරියට හරි. මේ 80, 90 ගනිපු වී.. හාල් මාෆියාවට හොඳ උත්තරයක්. කළු කඩ කාරයෝ නැතිකළ යුතුයි..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site