(ජේ.කේ.එල්. චාමින්ද)
යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට වඩා රුපියල් 299ක මුදලකට අලෙවි කරමින් සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතුවේ. මෙකි විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ආනයනික රතු කැකුළු සහල් රාක්කවල අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.
විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.
විවිධ සේවා සමුපාකාර සමිතියට හා අනිකුත් වෙළදුන් දෙදෙනාට මෙම මස 30 වැනිදින අධිකරණයේ නඩු පැවරිමට නියමිතව ඇත.
ඉකුත් සතිය තුල ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ වෙළදුන් 15 දෙනෙකු පමණ කොටුකර ගැනිමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියේ හැටියට නම් සමුපකාරෙ රතුකැකුලු විකුණා තියෙන්නෙ රුපියල් 519/= කටද සාමාන්‍යයෙන් රතු බාස්මතී හාලුත් එයට ආසන්න මුදලක් වෙනවා.ඒ සමිතියේ නිළවරනයෙන් මාලුමාමට තැනක් නැතිව ගියාද බලන්නකො