IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ පෞද්ගලික වෙළඳ ආයතනයකට නඩු

(මහින්ද නිශ්ශංක)

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය.

පාරිභොගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන අධිකාරිය මඟින් ඊයේ සිදුකළ වැටලීමකදී මෙම ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනය පාලන මිලට වඩා දෙතුන් ගුණයකින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට අනාවරණය වී ඇත.

රුපියල් 100/-ට මිල නියම කොට ඇති ග‍්‍රෑම් 425 ප‍්‍රමාණයේ සැමන් ටින් එකක් රුපියල් 550/- කටත් , රුපියල් 150/-ට මිල නියම කොට ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 500/- කටත් , රුපියල් 65/-ට පාලන මිල වන පරිප්පු කිලෝව රුපියල් 180/- කටත් , රුපියල් 92/-ට මිල නියම කොට ඇති පාන් පිටි කිලෝව රුපියල් 350/- කටත් වැඩි මිලට අලෙවි කරන භාණ්ඩ අතර වෙතැයි පාරිභොගික අධිකාරිය පවසයි.

මෙම වැටලීමෙන් පසු එම වෙළඳ ආයතනය වැඩි මිලට භාණ්ඩ විකුණු පාරිභොගිකයින්ට අයකළ වැඩි මිල නැවත ලබාදීමටද ආයතනය පොරොන්දු වී ඇති අතර අන්තර්ජාලය මඟින් ප‍්‍රසිද්ධ කර ඇති භාණ්ඩ වල වැඩි මිල ගණන් ඉවත් කිරීමටද පොරොන්දු වී ඇතැයි අධිකාරීය වැඩිදුරටත් පවසයි.

රටේ ඇඳිරි නීතීය පවතින අවස්ථාවේදී පාරිභොගිකයින් ගසා කැමේ යෙදුණු එම වෙළඳ ආයතනයට විරුද්ධව මාලිකන්ද අධිකරණයේ නඩු පැවරීමටද අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

පාරිභොගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි එහි අධ්‍යක්‍ෂක අසේල බණ්ඩාර මහතාගේ අධික්‍ෂණය යටතේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජසුර් සහ විමර්ශන නිලධාරී චමින්ද අරුණ කුමාර යන මහත්වරු එම වැටලීම සිදුකළහ.

 

 

 

 



අදහස් (4)

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ පෞද්ගලික වෙළඳ ආයතනයකට නඩු

Shahiwal Thursday, 26 March 2020 01:38 PM

ලංකාවෙ නීතියේ සිදුරෙන් රිංගලා වැඩිම වුණොත් රුපියල් 5000ක දඩයක් ගහයි. ඔන්න අන්තිම තීන්දුව...

:       0       1

Bamunuarachchi Thursday, 26 March 2020 03:58 PM

හෙන වදින්න ඕනේ නේද? අපි දන්නවා මිනිහා කවුද කියලා. කල දුටුකල වල ඉහ ගන්නවා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 26 March 2020 04:22 PM

එම ආයතනය ඔතරම් වනචර විදියට මහජනයා ගසා කෑව නම් එම "කඩේ" නම ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද කියා මගේ ආච්චි අහනවා. උන්දැ හරි කියල සීයාත් කියනවා ! ඉන්ටෙර්නෙට් හරහා අධික මිල ගණන් ප්‍රචාරය කරපු මේ කාඩ කාරයාගේ විස්තර දැනගෙන ෆේස් බුක් හරහා විශාල ප්‍රති ප්‍රචාරයක් දීමට ඉන්ටෙර්නොට්වරු වහාම ඉදිරිපත් විය යුතුය ...

:       0       0

Bamunuarachchi Friday, 27 March 2020 02:12 AM

ඒකට කියන්නේ මාද්‍ය සදාචාරය කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site