(යොහාන් භාසුර)

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කළ වෙළෙඳසල් හිමියන් දෙදෙනකුට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ දෙකක දඩයක් අද (11) පැනවූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය කළ වැටලීමකදී වැඩි මිලට බිත්තර අළෙවි කර  මෙම වෙලෙඳසල් හදුනාගත් බවත් ඉන් පසුව ඒවායේ හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම අධිකාරිය වැඩි දුරටත් කීය.