(උපාලි ආනන්ද)
වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු, එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව ඔවුනට මුදලින් රුපියල් ලක්ෂ හතරක දඩයක් අනුරාධපුර දිසා මහේස්ත්‍රාත් රුද්‍රිකාද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කලාය.
වරද පිළිගත් එක් ව්‍යාපාරිකයෙකුට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් මෙම රුපියල් ලක්ෂ හතරක දඩ මුදල නියම කෙරිණ.
මෙසේ දඩ නියම වූයේ අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයන් සිව්දෙනකුටය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී.පෙරේරා මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd