IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැඩි මිල සහල් සොයන්න රටපුරා මෙහෙයුම්

(යොහාන් භාසුර)

රජයේ පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන් සොයා රට පුරා මෙහෙයුම් අද (10) ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම මෙහෙයුම්වලට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ දිස්ත්‍රික්ක කාර්යාලවල නිලධාරීන් යොදවා ඇති බවත් එම නිලධාරීන් ඊයේ දිනයේ පමණක් සහල් අළෙවිසැල් දහසකට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කළ බවත් එම නිලධාරියා කීය.

මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙදුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (5)

වැඩි මිල සහල් සොයන්න රටපුරා මෙහෙයුම්

siri Tuesday, 10 December 2024 05:11 PM

මෙතෙක් කල් හාල් හංගගෙන හිටියා. දැන් හොයන්න උත්සාහ කළේ නැහැ. කට්ටිය එකතු වෙලා ගණන් වැඩි කරලා දුප්පත් ජනතාවගේ පොකට් එකට විදලා දැන් මොනවද හොයන්නේ. ගණන් වැඩි කළාටද පසුවද උදෑසන ඉඳන් ඔය හාල් තියෙන්නේ...? ජනතාව ගොනාට අන්දන සෙල්ලම තමයි.

:       6       9

දස්තා Tuesday, 10 December 2024 05:45 PM

එන්න අම්බලන්දුව පානදුරට මෙහෙ කොහේවත් වැඩි මිලට මොකවත්ම විකුණන්නේ නැහැ පානදුර ප්‍රාදේශීය සභාව පවා මේ ගැන දැනගෙන මෙහෙට එන්න කිව්වත් එන්නේ නැහැ.

:       0       4

nanda Tuesday, 10 December 2024 06:02 PM

මෙතෙක් කල් සහල් හංගගෙන හිටිය තැන් නොසොයා ගානත් වැඩිකරලා දීලා මෝල් කාරයෝ සතුටු කරලා දැන් තව නාටකයක් රඟ දක්වන්න හදන්නේ...

:       4       8

Susantha Wednesday, 11 December 2024 06:37 AM

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අකුරණ සිට පැමිණ සිල්ලර වෙළඳාමේ යෙදෙන පිරිස් ඉතා අසාධාරණ ලෙස සහල් අධික මිලකට විකුණන එක වහාම සොයා බලන්න...!

:       0       0

Kamal Koyrala Wednesday, 11 December 2024 01:33 PM

වැටලීම් ඵලක් නෑ මහජන පැමිණිලි බාරගන්න සෑම වෙළඳසැළකම බඩු සඳහා කුවිතාන්සියක් නිකුත් කිරිම නීතියක් බවට පත් කර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site