(දයාරත්න ඇඹෝගම ,උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
වෙඩි පෙහෙත් ග්‍රැම් 32 ක් හා අඩි එක හමාරක් පමණ දිගැති සේවා නුලක් රැගෙන ශ්‍රි මහ බෝධිය උඩමළුවට ඇතුළු විමට පැමිණි පිටිගල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි.
පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු උතුරු දොරටුවෙන් ශ්‍රි මහ බෝධියට ඇතුළු විමට පැමිණි අවස්ථාවේදි එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරිමේදි එහි ෂොපින් බැගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර පුද්ගලයා හා පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට බාරදුන් බව උඩමළුව පොලිස් ස්ථානාධිපති චන්න වෑත්තැව මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ජාතිය බෙර ගන්න අන්තිම අවස්ථාවට කලින් එන, පුංචි පුංචි සිද්දි. හැමෝම අවදියෙන් ඉන්න.
ආ අලුතෙන් ලියන්න හැදුවට පරණ තිර පිටපතක්. අයියෝ මෙහෙමත් බංකොළොත් ආණ්ඩුවක්.
උඩ මලුව ඕනෙම කෙනෙකුට යන්න ඉඩ දෙන්න .එහෙම නැත්නම් කිසිම කෙනෙකුට යන්න නොදී වහලාම දාන්න
වෙන වැඩකට යන ගමන් උඩ මළුවත් වැඳගෙන යන්න ඇති