(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
වැඩබලන අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගනු ලබන්නේ නම් තමාටත් රජයේ අනෙක් වැඩ බලන ඇමැතිවරයාටත් පාර්ලිමේන්තු සභාවේ කැබිනට් ඇමැතිවරුන්ට හිමි ඉදිරිපෙළ අසුන් හිමිවිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) පැවැසීය.
වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුව වැඩ බලන අමාත්‍යවරු අමාත්‍යවරුන් ලෙස පිළිගන්න බවට කතානායක කරු ජයසූරිය මහතා පැවසූ අවස්ථාවේදීය.
එසේ වුවත් ඔවුන්ට එම ආසන ලබාදීම අපහසු බව කතානායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩයින්ට වෙන වැඩ නැතුවට ඉස්සරහ සීට් හම්බ වුනේ නැතුවාටත් කෙල ගන්නවා. දණගහලා ඉන්දුවා නම් ඉවරයිනේ වැඩේ.. අම්මපා කවද්ද මොවුන් ටික ගෙදර යවලා රටට වැඩක් ඇති ජනතාවගේ නියෝජිතයින්ට රට බාර දෙන්නේ?
මේවත් නිව්ස්ද?
හැබැයි යනවා කියන්නේ ජනතාවට සේවය කරන්නයි. ගියාට පසුව කරගන්නේ ඔවුන්ටයි. යකෝ... වැඩක් කරන එකාට ටොයිලට් සීට් එක උඩ වාඩිවුණාම මොකද?
"කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන" ..කවුද දන්නේ නැහැ මේ විදියේ නමක් දුන්නේ?
බුද්ධිකද අබුද්ධිකද?
ගෙම්බෙක් ගිය උඩ කිව්වලු....
අපේ ආච්චි ළිඳ ළඟ රෙදි හෝදනකොට වාඩි වෙච්ච ලී බැංකු කොටේ තාම තිබෙනවා. ඒක එවන්නද? ඉස්සරහින්ම තියලා වාඩිවෙන්න පුළුවන්. මේ ගොල්ලෝ ගැලරියේ මිනිස්සුනේ... ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
මොවුන්ට පිස්සු... ඔක්කොම ආසන ගලවලා හිටගෙන ඉන්න දෙන්න. වැඩකට නැති අය ඉන්නේ ඕකේ...
විශ්ව විද්‍යාල සිසුන් කියන විදිහට ඉගෙනගෙන රටේ වගකිව යුත්තන් වෙලා ඉගෙනගත් කාලේ වින්ද දුක්ගැහැට මතු පරපුරට නොදෙන්න ක්‍රියා කරනවා වෙනුවට දේශපාලකයන්ගේ සමිති සමාගම්වලින් ඔවුන්ව මෙහෙයවමින් මහපාරේ මිනිසුන්ට යන්නත් බැරිවෙන පෙලපාලි යවනවා වගයි. පතිරණලාගේ මෙන්න මේ වගේ වැඩ... මේ වගේ තමයි රවීගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනියන්න කෝටි 364ක් ඉල්ලීම.. මෙන්න මේ වගේ වැඩ නිසයි 225ම මහජනතාවට එපාවෙලා තියෙන්නේ... මෙයාලට හා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට පහසුකම් හා වරප්‍රසාද දෙනකොට එංගලන්තේ ඇමෙරිකා වැනි රටවල විදිහට කරලා හරියන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධ වෘත්තිකයින්ගේ මෙන්ම කුලීවැඩ කරන හා සියලු අසරණයන් ඉන්න ගෙවල් නැතුව කුලියට ඉඳිමින් ජීවිත ගැටගහගන්න බැරුව විඳින දුක්වේදනා අහඹු විමසීමකින් නිරන්තරයෙන් බලමින් ඔවුන්ටත් සහන සැලසෙන විදිහට කළයුතුයි. අද ගෙවල් කුලී ලයිට් බිල්, වතුර බිල් වලටම කීයක් යනවද? රටේ ඒ ඒ ජනතාව ලබන්නා වූ මාසික අාදායම ගැන සංගණනයක් ගෙන පතිරණලා, රවීලා ඇතුළු 225 හා රජයේ නිලධාරීන්ගේ හා සමහර පඩි වැඩි වෘත්ති වල පඩි වැඩි වීම හා වරප්‍රසාද දීම කළයුතු නොවේද?
ලුම්බිණි එහෙම තමයි. ඒවා විද්යාත්මකවනේ තෝරලා තියෙන්නේ...
වැඩේ පෙන්නන්න. එච්චරයි ඕනේ... සමහරවිට මිනිහ පුංචියිනේ. ඉදිරිපෙළ අසුන් ඉල්ලන්න. එ්ක සාධාරණයි.