
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථයක් නුගේගොඩ පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී අද (22) දා සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
සුඛෝප භෝගී මෙම වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
නුගේගොඩ පාගොඩ පාරේ පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි අලුත් වැඩියාවක් සඳහා රැගෙන ආ බව පැවසෙන අංක තහඩු නොමැති මෝටර් රථයක් වසා දමා තිබෙනු දැක තිබේ.
පසුව එම රථය විවෘත කොට දොරවල් ඇරීමට යාමේදී අධික බරකින් යුක්ත වීම නිසා සැකසිතී මෝටර් රථය තව දුරටත් පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ රාජපක්ෂලා අපේ රටේ හිටියා නම් හොඳයි කියලා. මොකද ගෙවල් මතුවෙනවා. මේ කාර් එකත් එහෙම එකද්ද දන්නේ නෑ. අර මහින්ද අතේ තියාගෙන ඉන්න ඇලඩින්ගේ පුදුම පහන වෙන්න බැරිද?
මට මතක විදියට ලක්ෂ්මන් කදිරගාමර් සර් ලඟ තිබ්බේ මේ වගේ එකක්. ඒක විකිණුවා 2000 ගණන්වල. ඒකද දන්නෑ මේ..?
ඔය පොලිසියේ ඉන්නේ බබාලාද? ඕකෙ නොම්මර තහඩුව නොමැති නම් චැසි අංකය ඔස්සේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර තොරතුරු සොයාගන්න පොලිසියට විනාඩි කිහිපයක් තුළ පුළුවන්..., එහෙම නොකර පොලිසිය මේ නටන නාඩගම තේරුම් ගන්න බැහැ. අනෙක් කරණය ගරාජ හිමියා... ඔහු දැනගන්න ඕනේ කවුද මේ වාහනේ ගෙනාවේ කියලා... බෙන්ස් S ක්ලාස් එකක් කියන්නේ Wagon -R වගේ හැමතැනම තිබෙන වාහනයක් නොවේ.