
(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකයන් 62 දෙනකුට නිදොස් කොට නිදහස් කර ඔවුන් කලින් සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
ඔවුන්ට මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාවද ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.
බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එම සායකයන් හමුවේ ඔවුන්ට නිදහස් කිරීමේ ලිපි ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බස් ට්‍රාන්ස්පෝමර් ගිණිතියලා ලයිට් කණු පෙරළලා රට ගොඩ දාපු කස්ටියටත් මොනවා හරි දෙයක් නොලැබුණොත් හරි නැහැ නේද? තව තව කස්ටිය ඉන්නවා..
මේක තමයි බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් අරුමය. 69 ලක්ෂයට ජයවේවා...!
ඒ කාලේ මෙයාලාගේ අයනේ හැමදාම පාරේ උද්ඝෝෂණ කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නැවත පත්වීම් දෙන්න ඕනෑනේ. කෝ දැන් ඒ උද්ඝෝෂණ?