(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාවය පළ කර ඇත.
ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය වැඩිකිරීම, යහපත් මූල්‍ය කළමනාකරණය, බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් ඇති කිරීම, වියදම් කළමනාකරණය, වංචාව දුෂණය ඉවත් කිරීම, මහබැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම, රාජ්‍ය ආයතන පද්ධති තුළ අවදානම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යහගත කිරීම, ආනයන - අපනයන තීරුබදු වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනනීය බලශක්තියට මාරුවීම හා රාජ්‍ය ආධාර සැබවින්ම අවශ්‍ය ජනකොටස් හදුනා ගැනීම යනාදී කරුණු වෙනුවෙන් ඔවුන් තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හා මෙරට ආර්ථික ස්ථායිකරණයට උපකාර කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙරටට පැමිණ තිබේ.
මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම පිරිස මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක් පසුගිය කාලය පුරාම පවත්වනු ලැබීය.
එහි ප්‍රගතියක් ලෙස මෙලෙස කරුණු 13 ක් වෙනුවෙන් සහාය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව තාක්ෂණික සහාය මෙන්ම අය වැය යෝජනා සම්පාදනයට ද සහාය දෙන බවට ද ඔවුන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉදිරියේ පොරොන්දු වී තිබේ. ඊට අමතරව මෙරට මූල්‍ය කළමනාකාරීත්වයට අදාළ කරුණු කිහිපයක් වෙනුවෙන් සහායවීමට ද ඔවුන් එකඟතාවය පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ 13ක් කරන්න මූල්‍ය අරමුදලෙන් සහය