(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ.
ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇති ව්‍යාපෘති 11යි.
නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හෝ අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසල බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති නිසා ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇතැයද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද වාරිමා
මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලා
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර
වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.
ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ
රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ
Kazi Shajahan Monday, 06 May 2024 01:26 PM
දැන් තදියම් මොකද? ගහන ඒවා ඉක්මණට ගහගන්න එපැයි ඡන්දෙට කළින් මොවුන් මේකෙන් යනකොට ඔක්කොම ටික කාලා තමයි තොලොංචි වෙන්නේ, එන මිනිස්සු නන්නත්තාර වෙනවා.
Nimal Monday, 06 May 2024 02:04 PM
වසර කිහිපයක් නිදාගෙන ඉඳලා දැන් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... වසර පුරා වියදම් කිරීමට ඇති මේ මුදල් ඔක්තෝබර් වලට පෙර කාලා දමන්න වගේ කල්පනාව. හරි, වරෙල්ලකෝ මේවා කරලා ඡන්දෙ ඉල්ලන්න... පිනාධිපතිත් එක්කම...!
ජයනාත් Monday, 06 May 2024 02:27 PM
ඇයි කලබල.. නිම කරපු ඒවට සල්ලි ගෙවලද... ඡන්දෙ ලඟයි නෙ..
Deepal Nirosh Monday, 06 May 2024 04:17 PM
අරෙහෙන් රජයේ නිලධාරීන්ට චක්‍ර ලේඛන නිකුත් කරන්නේ රාජ්‍ය වියදම් හැකිතාක් සීමා කරන්න කියලා, මෙහෙන් වර්ෂය පුරාවට වියදම් කරන්න වෙන් කරපු මුදල් වර්ෂ මධ්‍ය වෙනකොට කා දමන්න නියෝග කරනවා. පුදුම තදියමක්...
duminda Monday, 06 May 2024 04:18 PM
ඡන්දෙට සල්ලි ඕනෑ. ඉක්මන් කරන්න...
PATTA hora Monday, 06 May 2024 05:51 PM
ආපහු කප්පන් ගන්නද හදිස්සියේම?