
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ.
ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇති ව්‍යාපෘති 11යි.
නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හෝ අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසල බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තදියම් මොකද? ගහන ඒවා ඉක්මණට ගහගන්න එපැයි ඡන්දෙට කළින් මොවුන් මේකෙන් යනකොට ඔක්කොම ටික කාලා තමයි තොලොංචි වෙන්නේ, එන මිනිස්සු නන්නත්තාර වෙනවා.
වසර කිහිපයක් නිදාගෙන ඉඳලා දැන් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ... වසර පුරා වියදම් කිරීමට ඇති මේ මුදල් ඔක්තෝබර් වලට පෙර කාලා දමන්න වගේ කල්පනාව. හරි, වරෙල්ලකෝ මේවා කරලා ඡන්දෙ ඉල්ලන්න... පිනාධිපතිත් එක්කම...!
ඇයි කලබල.. නිම කරපු ඒවට සල්ලි ගෙවලද... ඡන්දෙ ලඟයි නෙ..
අරෙහෙන් රජයේ නිලධාරීන්ට චක්‍ර ලේඛන නිකුත් කරන්නේ රාජ්‍ය වියදම් හැකිතාක් සීමා කරන්න කියලා, මෙහෙන් වර්ෂය පුරාවට වියදම් කරන්න වෙන් කරපු මුදල් වර්ෂ මධ්‍ය වෙනකොට කා දමන්න නියෝග කරනවා. පුදුම තදියමක්...
ඡන්දෙට සල්ලි ඕනෑ. ඉක්මන් කරන්න...
ආපහු කප්පන් ගන්නද හදිස්සියේම?