(බිඟුන් මේනක ගමගේ)
ලොව පුරා වට්සැප් ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි බිඳවැටීමකට ලක්ව ඇතැයි ද එය යථා තත්ත්වයට පත්කිරීමට අදාළ ආයතන ක්‍රියා කරමින් සිටින්නේ යැයි එම නියෝජිතයන් තමන්ට දන්වා සිටි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
වට්සැප් සම්බන්ධතාවයන්හි බිදවැටීමක් සිදුවී ඇතැයි තමන්ට පැමිණිලි රැසක් පරිශීලකයන්ගෙන් ලැබුණේ යැයි ද මේ පිලිබදව සිදුකල සොයාබැලීමකදී හෙලිවූයේ වට්සැප් යෙදුම හරහා චයාරෑප,වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යැවීමේදී හා ලබාගැනීමේදී ඒ සදහා දිගු වෙලාවක් ගතවන බවත් යැයි ද එම සංවිධානය පවසයි.
එහිදී යම් පරිශීලකයන් ප්‍රමාණයකට කිසිදු චායාරුප ඇතුළු මාධ්‍ය යැවීමට හෝ හාගතකරගැනීමට සම්පුර්ණයෙන්ම හැකියාවක් නොමැති වී යැයි ද එහි සභාපති රජිව් කුරුවිට මහතා කීය.
වට්සැප් බිදවැටීමට පසුව ෆේස්බුක් සහා ඉන්ස්ටග්‍රෑම් අඩවිද බිදවටිමකට ලක්ව ඇතැයි ද මෙලෙස බිදවැටීමට හේතුව සර්වර් ගැටලුවක් බවට වට්සැප් නියෝජිතයෙක් තමන්ට දන්වා සිටි බව ද එම සංවිධානය සඳහන් කරයි.
මෙලෙස සමාජ මාධ්‍ය ජාල බිදවැටීම පිටුපස රජය කිසිදු ආකාරයේ අවහිරයක් සිදුකර නොමැති බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සමාජ මාධ්‍ය අඩවි බිදවැටීම පිලිබදව කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් එහෙමද ? ආණ්ඩුවට බනින්න එපා ඒකටනම්. මම ඉන්න රටෙත් වැඩ නැත
මමත් පිටරට ඉන්න කෙනෙක්. මටත් ඔය ප්රශ්නය තිබ්බා. මුලින් මම හිතුවේ මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් කියලා. මේ ප්‍රවෘත්තියෙන් තමයි දැනගත්තේ පොදු බිඳවැටීමක් කියලා.
මෙහෙත් එහෙමයි, අනේ ලංකාවේ ආණ්ඩුවට බනින්න නම් එපා...
එහෙත් වැස්ස, මෙහෙත් වැස්ස...
මෙහෙත් එහෙම තමයි.. හරි බයක්නේ තියෙන්නේ ආණ්ඩුවට බනීවි කියලා...
විදේශීය කුමන්ත්‍රණයක්..!!
අද බොහෝ දෙනා ෆේස්බුක් එක භාවිතා කරන්නේ තමන්ගේ කෙරුවාව ලෝකෙට ප්‍රදර්ශනය කිරීමටයි. එම නිසා ඕක නැතිවට කමක් නැහැ.