
(විශේෂ වාර්තාකරුවකු)
බේරුවල සංචාරක හෝටලයක රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු බව කියන චීන ජාතික පිරිසක් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආශිර්වාදය මැද්දේ පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
චීන ජාතිකයන් පිරිසක් හෝටලයක රැඳී සිටින බවට ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව අපරාධ අංශයක් බාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සඳහා එම ස්ථානය කරා යොමු කර ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ චීන ජාතික කාන්තාවක් ඇතුළු දස දෙනකු සිට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම හෝටලයේ කාමරයක ස්මාට් වර්ගයේ දුරකථන 70 - 80 අතර ප්‍රමාණයක් ලැෆ්ටොෆ් පරිගණක 10 කට අධික ප්‍රමාණයක්ද තිබී ඇති අතර පොලිසිය වැටලීමත් සමගම ඒවා මෙට්ටයක් යට සඟවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී වැටලීම් භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් එහි සිටි චීන ජාතිකයන් සතුව බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කිරීමේදී එයින් කිසිවකුටත් වීසා බලපත්‍ර නොතිබූ බවත් අතර කළුතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු සහ එම ප්‍රදේශය භාර විදේශගතව සිටින තවත් උසස් පොලිස් නිලධාරියකුගෙන් වැටලීම භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඔහු එම චීන ජාතිකයන්ට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් අනෙකුත් පොලිස් නිලධාරින්ද රැගෙන පිටවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු වසංකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනගත් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග ලබාදී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ට එක නීතියක්, පොඩ්ඩන්ට වෙන නීතියක්. අපේ පාර්ලිමේන්තුව වගේමයි. බලමු මාලිමාව මේවා හදයිද කියලා...
හොඳ ගාණක් අල්ලස් අරන් ඇති...
ඔන්න මාලිමාව, පත්කරන්න වගකීම් අරගෙන නිසි ක්‍රියාමාර්ග ගන්න පොලිස් ලොක්කන්...
දැන් කරන්න තියෙන්නේ කළුතර භාර පොලිසියේ එකයි විදේශයේ ඉඳලා නියෝග දුන්න එකයි වහාම අත්අඩංගුවට අරගෙන උන් මීට ඉස්සෙල්ලත් කරලා තියන දූෂණ ,අනීතික උපයාගනීම් පිලිබඳ විමර්ශනය කරලා උන්ට දැඩි දඬුවම් දිය යුතුයි
චීන ජාතිකයන් පස්සේ අල්ලන්න... ඉස්සෙල්ලා අර දූෂිත පොලිසියේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න